(නිමල කොඩිතුවක්කු)
ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය ප්රජාතන්ත්රවාදයට සහ මාධ්‍ය නිදහසට එල්ල කළ මරු පහරක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ පැවැසූහ.
එම වරද නිවැරදි කිරීමට ජනාධිපතිවරයා වහා ක්‍රියා කළ යුතු බවත් පැවසූ උන්වහන්සේ ප්රජාතන්ත්රවාදයට එරෙහි සියලු බලවේග පරාජය කිරීමට කොන්දේසි විරහිතව සහාය දෙන බවත් සඳහන් කළහ.
සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව රාජගිරිය පිහිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ අද(12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ දඹර අමිල හිමියෝ මෙසේද කීහ.
“ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සුදු ඇඳගෙන දේශප්‍රේමියෙක් විදියට පෙනී හිටිනවා. ඔහු ගත්ත දේශපාලන තීන්දු දිහා බලපුවහම එහෙම දේශප්‍රේමීත්වයක් පේන්න නැහැ. දින 52 දේශපාලන කුමන්ත්රණයෙන් ඔහු මේ රටට විශාල හානියක් සිදුකළා. එයින් අපේ දේශපාලනයට, ප්රජාතන්ත්රවාදයට විශාල කැළලක් ඇති වුණා.
දැන් ජනාධිපතිවරයා ඔහු යටතේ පවතින ආරක්ෂක අමාත්‍යංශයට ජාතික රූපවාහිනිය පවරගෙන තියෙනවා. ජාතික රූපවාහිනිය යනු රජය සතු ඉහළම මාධ්‍ය නාලිකාවක්. එවැනි මාධ්‍ය ආයතනයක් ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීම ජාත්‍යන්තර අවධානය යොමු කරන්නක්. දින 52 දී වගේම මේ කාරණාවේදීත් එතුමා අපේ රට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක් කර තිබෙනවා.
පරිසර, සමාජ සුබසාධන වැනි අමාත්‍යංශයක් යටතට ජාතික රූපවාහිනිය පවරගත්තා නම් අපට මෙච්චර ගැටලුවක් නැහැ. ජනාධිපතිවරයා ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරගෙන මේ ලබා දුන්න සංඥාව එතරම් හොඳ එකක් නෙමෙයි. ඒනිසා වහාම මෙම තීරණය නිවැරදි කළ යුතුයි.
2020 ජනාධිපතිවරණය අපි 2015 දිගුවක් සේ සලකා කටයුතු කරනවා. 2015 දී රටට හතුරු ප්‍රතිපත්ති පරාජය කරලා සැලකිය යුතු ජයග්‍රහණයක් අපි අත්පත් කරගෙන තියෙනවා. ප්රජාතන්ත්රවාදී හොඳම අපේක්ෂකයා තේරීමේ තරගය දැන් අපිට තිබෙනවා. ජනතාවත් අද බලාගෙන ඉන්නේ යහපාලන කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලායි. ප්රජාතන්ත්රවාදී මූලධර්මවලට අනුව අපි මේ තෝරා ගැනීම සිදු කරනවා.
ජනතාවට අපි කියනවා කලබල වෙන්න එපා කියලා. පවුලක් විසින් තෝරන අපේක්ෂකයෙක් දාන්න අපි කටයුතු කරන්නේ නැහැ. පවුලක් විසින් තෝරපු ගෝඨාභය රාජපක්ෂ පරාජයට පත් කිරීම කිසිදු ගැටලුවක් නැහැ. අපි ඔහු පරාජය කිරීමට කටයුතු කරනවා.
දැන් එතුමා අධිකරණය මග අරින්න උත්සාහ කරමින් සිටිනවා. අධිකරණයට මුහුණදෙන්න බැරි කෙනෙක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහනවා.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට එනවා නම් සිවිල් පුරවැසි බලවේග විදියට ඔහු ජනාධිපති වීම වැළැක්වීම සඳහා අවශය සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා” යැයිද උන්වහන්සේ පැවසූහ.
(ඡායාරූප - ඉෂාන් සංජීව)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේ දුටුවාද අර සාමණේරවරුන් සාමණේරවරුන් දෙදෙනෙකුට පහරදෙනවා . ඒ ගැන වචනයක්වත් කතා කළේ නැහැ. දේශපාලනය අතහැරලා ශාසනය රකින්න අපේ හාමුදුරුවනේ...
ශ්‍රී ලංකාද්වීපයට පුදුම ආදරයක් තියන ඩොලර් කාක්කෝ ටික ආයෙමත් එළියට බැහැලා. මට නම් මේ අයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ.
මේ අයම නේද ඔය කියන ජනාධිපතිව බලයට පත්කරන්න කඩේ ගියේ?
එදා ඔබවහන්සේව විශ්වාස කළා. අදත් ඔබවහන්සේගේ කතා විශ්වාස කරන්නද කියන්නේ? මේ ආණ්ඩුවේ නායකයන් දෙදෙනෙක් ඉඳලා මෙහෙමනම් ඒකට නායකත්ව මණ්ඩලයකුත් එකතුවුනාම කොහොම වෙයිද?
අර ඔක්තෝබර් දින... 52 වෙලාවේ දැක්කේ නැද්ද වීරයෝ ටික රාජ්‍ය මාධ්‍ය ආයතනවලට කඩා පැනලා පින්තූර පොළවේ ගසමින් ඩෙඟා නැතුව අකාරය... ආයෙත් ඒවායේ කාලයක් එන්නද මේ යන්නේ..?
අංගොඩ මානසික රෝහලත් ජනාධිපති යටතට ගෙනාවා නම් වඩා හොඳයි..
ඒ වගේම තමයි හාමුදුරුවනේ,.. සිවුර පොරවාගෙන දේශපාලනේ කරන එකත් බුද්ධාගමට මරු පහරක්...
මෙයාලට අනාගතය හොඳට පෙනෙනවා නම් අද රටට මෙහෙම වෙන්නේ නෑ ඉතින් මෙයාලව විශ්වාස කරගෙන ආයෙත් අමාරුවේ වැටෙන්න හිතුවා මදි...
රූපවාහිනියේ වෘත්තිය සමිති නිදි... මොකද ප්රජාතන්ත්රවාදය එයාලට එපාවෙලාද?
දඹර අමිල හිමි කිව්වට බණ පදයක් කියනවා කවදාවත් දැකල නැහැ. ඉතාමත් ද්වේශයෙන් බනිනවා නම් දැකලා තියෙනවා.
අවුලක් නැහැ. තාම ගෑස් කම්පැනිය පවරාගත්තේ නැති නිසා ඔබවහන්සේට ලැබෙන කුට්ටිය නතර වෙන එකක් නැහැ.
මෙන්න පරගැත්තන්ට තියෙන ප්‍රශ්නේ... මොවුන් වගේ අයට තමයි සුදු වෑන් ඕනෑ.
පුදුමයි! කාලෙකට පස්සේ පුරවැසියන්ට ඇහැරිලා..!
අවසර, මාධ්‍ය නිදහස මොකක්ද කියලා අර්ථ නිරූපණය වෙන්නෙත් ස්වාමීන් වහන්සේලා වැඩම කරන්නේ කාගේ කඩේටද කියන එක උඩයි අපේ හාමුදුරුවනේ... මතකද? අග විනිසුරු සරත් සිල්වා විනිශ්චය ආසනේ ඉන්නකොට ස්වාමීන් වහන්සේලා කීපනමක් අසුනින් නැගිටින්නේ නැතුව ඇතිවුණු ප්රශ්නය. ඒ වගේම පාර්ලිමේන්තුවට පත්වුණු හාමුදුරුවරු කතානායක එනකොටවත් නැගිට්ටේ නැහැ. ඒ අවස්ථා දෙකම සංඝ ගෞරවය රැකගැනීම සම්බන්ධයෙන් හරි ඇති, හැබැයි, ගෝඨාභයගේ සුගතදාස රැස්වීමට ඇවිත් හිටපු සංඝයා වහන්සේලා අසුනින් නැගිට බුදු හාමුදුරුවන්ටත් පොදුවේ මහා සංඝ රත්නයටත් කරපු නිහීන අපහාසය අර අවස්ථා දෙකේදීම රැකගත්තු ගෞරවයත් කෙලෙසා දැම්මා නේද? කඩේ යනකොට තමන් කවුද කියලා අමතක වෙනවා අපේ හාමුදුරුවනේ...
රට යවනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි ගත්තා කියන නඩුවට මොකද වුණේ? චෝදනාව නම් හරිම කුජීතයි හාමුදුරුවනේ?
ඔබ වහන්සේගේ අර කැම්පස් එක පිටිපස්සේ හදන අලුත් ගෙදර ඉක්මනට හදාගෙන පදිංචියට යන්නකෝ...? දැන් අපිට ඔයාලා එපා වෙලා ඉන්නේ... ඔයාලා කියන ඉදිරියට නෙවෙයි අපි ඡන්දේ දෙන්නේ... නමුත් ඡන්ද කාරයින්ට මේක නොතේරී අපට ජීවත් වෙන්න තියෙන සල්ලි ටික හොරකන් කර ගන්න ඉඩ දීලා. මොවුන් ටික ඊළඟ අවුරුදු 5ටත් සැරසී ඇත.
මේ ෆොටෝ එක දැක්කාම මට තම්බින්ට ඌරු මලු දැක්කා වගේ කේන්තියක් එනවා. ජෙප්පොත් දැක්කේ කොටිකාවත්තේ සද්ධාතිස්ස වගේ හිමිවරුන් මේ ගොයියන්ව දැක්කේ නැහැ.