
(අංජුල මහික වීරරත්න)
තිස් වසරක යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන්ට ජාතියේ කෘතගුණ සැලකීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අභිමානවත්ව පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (8)පැවැත්විණි.
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධාන කරන රණවිරු සැමරුම් උත්සවය මැයි 19 වනදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වේ.
මෙම රණවිරු සැමරුම් උළෙලට යුද්ධයේදී තුවාල ලැබූ රණවිරුවන්, දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් සහ පාසැල් ශිෂ්‍යභට කණ්ඩායම් ද සහභාගී කරවා ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්පතිට ඡන්දෙ තියන්න විතරයි සල්ලි නැත්තේ...
හැම මගුලම මහ ඉහළින් පවත්වන්න ඕනෑ එක්කෙනාට දුප්පත් මිනිස්සුන්ට සහන සලසන්නට සල්ලි නෑ, ඩොලර් නෑ ආර්තිකය කඩා වැටිලා වැඩි කරපුවා අඩු කරන්නට කිසිම වුවමනාවක් නෑ. හමුදාවට ඉහළ සැලකිලි, රණවිරු උත්සව ඉහළින් තියන්න සූදානම්...
සාමාන්‍ය මිනිසුන්ට කන්න, අඳින්න නැති මේ කාලේ මොන සමරුම්ද? ඔය සැමරුම්වලින් ජනතාවට ඇති සෙතේ මොකක්ද? ජනතාවට ප්‍රයෝජනයක් ඇති දෙයක් කරපල්ලා මගේ යකා අවුස්සන්නේ නැතුව. කෝ අරගල කාරයින්...?