(රංජන් කස්තුරි)
තමා සේවය කරන ජාතික පාසලේ වසර තුනකට වඩා වැඩි කාලයක් සේවය සම්පූර්ණ කර ඇති ගුරුවරුන්ට එම පාසලටම සිය දරුවන් ඇතුළත් කර ගැනීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව ජාතික පාසල්වල 1, 5, 6 සහ 11 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි පන්තිවලට දරුවන් ඇතුළත් කිරීමේදී ගුරුවරුන්ට එම තීරණය බලපැවැත්වෙන බවද අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
දරුවන් දහස් ගණනක් වෙනුවෙන් ඉගෙනුම් ක්‍රියාවලියට සම්බන්ධ ගුරුවරුන්ට ගැටලුවකින් තොරව සිය දරුවන් පාසල්වලට ඇතුළත් කරගැනීමට හැකිවීම ඔවුන්ගේ යහපත් මානසිකත්වය පවත්වා ගැනීමට ඉවහල් වන්නේ යැයිද අධ්‍යාපන ඇමතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික පාසැල්වල විතරද ගුරුවරුන් ඉන්නේ මෙය ඉතාම අසාධාරණ තීන්දුවක්. ජාතික පාසැල්වලට ගුරුවරුන්ට මාරුවක් ලබා ගැනීම කළුනික සෙවීම වැනි ඉතාම අපහසු කටයුත්තක්. මගේ බිරිය ගුරුවරියක්. ඇය උගත් පාසැල අපේ නිවස ආසන්නයේම තියෙන ජාතික පාසැලක්. නමුත් මගේ දරුවා එම පාසැලට ගන්න විදුහල්පති බැහැ කිව්වා. එහෙම කරන්න පුළුවන් පාසැලේ අයට පමණයි කියල. මේ නිසා විශාල පිරිසකගේ මානව හිමිකම් උල්ලංගනය වෙනවා. මෙතෙක් කල් ඔය ඇමති සිටින පක්ෂයට ඡන්දය දුන්නත් මෙය ඉවත් නොකරන්නේ නම් නැවත කිසිදා ඔය ඇමතිගේ පක්ෂයට ඡන්දය නොදෙමි අනෙක් පක්ෂයක් වුවත් මෙය වෙනස් නොකරන්නේ නම් ඔවුන්ටද කරන්නේ එයමය.
මෙහෙම කරන්න නම් ශිෂ්‍යත්ව ආදී විභාග පවත්වන්නේ කුමටද? ඕකට තමා ශිෂ්‍යත්වය නතරකරනවා කිව්වේ. කොළඹට කිරි ගමට කැකිරි. ජාතික පාසල්වල ගුරුවරුන්ගේ පමණක් මානසිකත්වය යහපත් වුණාම ඇද්ද මහත්තයෝ?