(සුජිත් හේවාජුලිගේ )
රාජ්‍ය සේවා කොමිසම අනුමැතිය ලබා නොදීම හේතුවෙන් ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පනස් හතර දෙනකු බඳවා ගැනීම නොහැකි වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වාධීන කොමිෂන් සභාවලට විශ්‍රාම ගිය පුද්ගලයන් පත් කිරීමෙන් ඒවා අකාර්යක්ෂමවී ඇති බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්‍රාමික හෝ එසේ නොවූවත් දේශපාලුවෝ ස්වාධීන කොමිෂන් වලට ඇඟිලි ගහනකොට හරි තීරණ ගන්නේ කොහොමද?
මේ සම්මුඛ පරීක්ෂණ වලින් සුදුස්සන්ම පත්වෙනවාදැයි සැකයි. මීට කලින් ඉංග්‍රීසි කතාකරන්න පුළුවන් අය දැම්මා. මතකද? ගුරුවරු හැටියට දවසක්වත් උගන්වලා නැති අය විදුහල්පති වුණාම කොහොමද කරන්නේ? හරියට ගොවිතැන් කරපු කෙනෙක් හමුදාපති කරනවා වගේ නේද?
රටක අධ්‍යාපන ඇමති අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්න තේරුම් ගැනීමට අධ්‍යාපනඥයෙකු විය යුතුය.
ඇමතිතුමා අන්දල වගේ. ජාතික පාසල් වල විදුහල්පති ධූරයන්ට පත් කිරීමට අයදුම්පත් කැදවීමට අදාලව අනුමැතිය ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලිපි යොමු කොට නැත. නිලධාරීන් අධ්‍යාපන ඇමතිවරයා ඇන්දීම සිදු කොට ඇත. අධයාපන පරිපාලන සේවා සංගමයේ හිටපු සභාපතිවරයා තම ගෝලයන් වැඩ බැලීමට පත් කොට ඇති අතර ඔවුන්ට ඒම තනතුරු වල සිටීමට කාලය ලබාදීම සිදු කරමින් පවතින බව අතර පුරප්පාඩු පිරවීමට අනුමැතියක් හෝ කඩිනම්ව පත්කිරීමට කටයුතු නොකරන බව සැවොම දන්නා කරුණකි.