
(බී.ජී. චතුරංග)
"දේශය මිථ්‍යාවෙන් මුදා ගනිමු "යන තේමාව මුල් කර ගනිමින් මෙවර ජාතික පොසොන් සතිය ආරම්භ කරමින්, ඓතිහාසික පැන් පෙරහර ඉසුරුමුණිය රජමහා විහාරස්ථානය අබියසදී ආරම්භ මහමෙව්නා උයන දක්වා ගමන් කළේය.
ඉසුරුමුණිය රජමහා විහාරාධිපති මතව ශ්‍රී සුමංගලනාහිමි ප්‍රධාන මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් මෙහිදී මූලික ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව තිසාවැවෙන් ලබා ගත් පැන් කලගෙඩි ද රැගෙන පැන් පෙරහැර ඉසුරුමුණියේ සිට මහමෙවිනා උයනේ පිහිටුවා ඇති පිරිත් මණ්ඩපය දක්වා ගමන් කළේය .
දින හතක් මුළුල්ලේ සජ්ඣායනා කරනු ලබන පිරිත් දේශනාවෙන් පසුව ලබන 17 වන දින චාරිත්‍රනු කූලව නගරය වටා පැන් ඉසීමෙන් අනතුරුව 18 වන දින පිරිත් නූල් බෙදා දී පිංකම අවසන් කිරීමට කටයුතු යොදා තිබේ .
මෙම පෙරහැර අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර , අනුරාධපුර නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල බෞද්ධයින් හරි මෝඩයි. කන්න නැතිව බඩ පිටට ඇලුණත් මිථ්‍යාවට ඇලී, ගැලී ඉන්නවා.. හරියට අර මුට්ටි ගඟට දානවා වගේ තමයි.!