IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජාතික ජල සම්පාදනෙන් කෝටි 27ක අමුතු ගෙවීමක්

(ජේ.ඉඳුරුවගේ)

රාජ්‍ය ව්‍යාපාර ආයතනවල සේවකයන්ට ආයතනයේ ලාභය මත ප්‍රසාද දීමනා හෝ දිරි දීමනා ගෙවීම පිළිබඳව අනුගමනය කළයුතු නියමයන්ට පටහැනිව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයන්ට ඵලදායී දීමනා නමින් රුපියල් මිලියන 269 ක් ලෙස ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

රාජ්‍ය ව්‍යාපාර ආයතනයක් සේවකයන්ට දිරි දීමනා හෝ ප්‍රසාද දීමනා ගෙවිය යුත්තේ එහි ලාභ රජයේ ඒකාබද්ධ අරමුදලට යැවීමෙන් පසුව බවට රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව මගින් 2021 නොවැම්බර් 17 දා නිකුත් කර ඇති මෙහෙයුම් අත්පොතේ නියම කර ඇත.

එහෙත් එම නියමයට නොසලකා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් 2022 වර්ෂය වෙනුවෙන් සිය සේවකයන්ට මෙම ඵලදායී දීමනා ගෙවා ඇත්තේ එම ආයතනය එම වර්ෂයේ රුපියල් බිලියන තුනක පාඩුවක් ලබා තිබියදීය.

මෙම දීමනා ගෙවා ඇත්තේ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියක් ඇතිව බවද 2022 වසරට අදාලව නිකුත් කර ඇති වාර්ෂික විගණකාධිපති වාර්තාවේ ජල සම්පාදන මණ්ඩලය පිළිබඳ විගණන නිරීක්ෂණ යටතේ සඳහන් කර ඇත.

 



අදහස් (2)

ජාතික ජල සම්පාදනෙන් කෝටි 27ක අමුතු ගෙවීමක්

Bamunuarachchi Saturday, 13 April 2024 06:00 AM

රටට හෙනයක් වෙන මේ සංස්ථා මණ්ඩ වලට දී තිබෙන මුදල් හිතුමතේ වියදම් කිරීමට ඇති පහසුකම් නැති කරන්න නැති නම් සංස්ථා මණ්ඩල සංකල්පය ඉවත් කරන්න. මොවුන්ට බෝනස් කියලා වැටුප මෙන් දසගුණයක් ලැබෙනවා. අපි වැට් ගෙවනවා ඒක හරිම අසාධාරණයි.

:       0       2

ravin Saturday, 13 April 2024 07:23 AM

මෙම මුදල් ගෙවන්නේ අම්මාගේ අප්පාගේ භුදලයෙන්ද ?ජාල ගාස්තු ඉහල යාම වැළක්විය හැකිවේවිද ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 388 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site