(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ජනතාවට බරක් නොවීම පිණිස ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත ගත කිරීම මේ වසරේදී අවසන් කළ යුතුව ඇතැයි වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය වී ඇති මුදල රුපියල් කෝටි කෝටි 31500 කි.
මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේදී කිසිදු සේවකයෙකු බලෙන් ඉවත් කිරීමට ඉඩ නොදෙන බවත් ඔවුන්ට ගෞරවනීය ස්වර්ණමය වන්දි ප්‍රතිලාභයක් (Golden Shakehand )ලැබෙන පරිදි ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම යෝජනා කරන ලෙස ශ්‍රී ලංකන් පාලනාධිකාරියට දැනුම්දුන් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය
ඔහු මෙසේ පැවසුවේ කටුනායක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිදහස් සේවක සංගමයේ කාර්යාලයේ පැවති සේවක නියෝජිත හමුවේදීය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය,ශ්‍රී ලංකන් කේටරින් සමාගම,ශ්‍රී ලන්කන් විධායක නිලධාරී සංගමය,භූමි මෙහෙයුම් (Ground handling) නිලධාරීන්ගේ සංගමය,ගුවන් යානා තාක්ෂණික නිලධාරීන්ගේ සංගමය ඇතුළු සේවක සංගම් කීපයක නියෝජිතයෝ මෙම සාකච්ඡාවට සහභාගිවූහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි 31500ක් ණයවෙලා තියෙන්නේ මේ රටේ ජනතාව නිකං ගෙනිහිල්ලා එහෙම නොවෙයි. රජවරු, යුවරජවරු,මැති ඇමතිවරු ආදී රජවාසල ඇත්තන්ව වඩම්මවල තමයි. ඒත් ඉතින් ඒ ගැන සෙවීම නම්, මේ කපේදී කෙරෙන්නේ නැහැ. මේ රට පවුල් පාලනයක් නිසා ගිය විනාශයක තරම...
අනේ මේ කියන ඒවා දාන්න එපා... මෙයා දැක්කාම අප්පිරියයි..
මේ ඇමැතිතුමාත් යල්පැන ගිය කිසිත් වැඩක් නොකළ රටට බරක් වෙච්චි කෙනෙක්. ඉතින් මෙයාටවත් බැරිද ප්‍රතිව්‍යුහගත කරන්න...?
එමිරේට්ස් ලාභ ලබන්නත්, ශ්‍රී ලංකන් පාඩු ලබන්නත් හේතුව කුමක්ද? ඥාතීන් ඇතුළු අදක්ෂයින් පාලකයින් ලෙස පත් කිරීම, නාස්තිය හා දුෂණය යන්න නොවේද? තව දුරටත් මේ ගෝත කරුමවලට රටේ ජනතාවට බාර නොදී වෙනත් රටකට මෙම වාත ගුවන් සේවාව විකුණා දමන්න.
ජීවිතේට ගුවන් යානයකට ගොඩවෙලාවත් නැති අයත් මේ අය ලෝකෙට ණය කාරයින් කරලා...!!!
තියෙන ගුවන් සේවෙත් කරගන්න බැරුව... පටන්ගත්ත තවත් ඒවා...
ඉස්සරවෙලා ඕකෙ ඉන්න වෘත්තිය සමිතියේ පිනට කන අය එලවලා ඉන්න. මහානාම කියලා කෙනෙක් ඉන්නවා පැන්ෂන් ගිහිල්ලත් ඉන්න. අනුශාසකලු...
මේ තත්වය ඕකෙ හිටපු සභාපතිගේ මස්සිනා නිශාන්ත මෙන්ම වෘත්තීය සමිතිත් විශාල වශයෙන් වගකියන්න ඕනේ.. කරුණාකර ඕක වහලා දමන්න. එහෙම නැත්නම් ගුවන් යානා ටික ලීසින් සමාගමකට බාරදීලා ගොඩබිම මෙහෙයුම් කටයුතු පමණක් කරන්න.
කෝටි 31500ක් කාබාසිනියා කරන්න කැබිනට් පත්‍රිකා දාද්දී අත උස්සලා කැබිනට් අනුමැතිය දීපු සෙට් එකේ ඔබත් මාරුවෙන් මාරුවට අවුරුදු 50ක් විතර හිටියා නේද කියලා අහන්න කොන්ද පණ ඇති කෙනෙක් මේ රැස්වීමේ ඉඳලා නෑ. පාලු ගෙවල්වල වලං බිඳින මේ අයගේ කතා අහන අය තාමත් ඉන්න එක තමයි කරුමේ..
මල්ලි කරන දෙයක් හිමින් කරගන්න... මේවා අමතකද? ඒ හිමින් කරපු දේවල් තමයි මේ..
ශ්‍රී ලංකන් ගුවන් සේවය එමිරේට්ස් පාලනය සමඟ එක්ව ක්‍රියාකළ කාලයේ රටට බරක් නොවී ලාබදායීව සේවාවන් මෙහෙයවූවා. ඒක එමිරේට්ස්ගෙන් ගලවා අපි අතට ගත්තේ විශාල ලාභයක් සහිතවයි. එමිරේට්ලාගෙන් ඉවත්වූයේ/ ඉවත්කරේ ඇයි?