(මනෝප්‍රිය ගුණසේකර සහ ගයාන් සුරිආරච්චි)
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා රහස් පොලිසිය විසින් රාත්‍රීයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් පැය 11 ක පමණ කාලයක් පුරා ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව රහස් පොලිස් නිලධාරීන් විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසියේ පෙනී සිට ප්‍රකාශයක් දීමෙන් අනතුරුව රහස් පොලිස් නිලධාරීන් විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.
රහස් පොලිසිය කළ කැඳවීමකට අනුව ඊයේ උදෑසන 09.00ට පමණ රහස් පොලිසිය හමුවේ පෙනී සිටි වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගෙන් සිද්ධියට අදාළව හෙළි කරගත යුතු කරුණු සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් රාත්‍රී 9.00 පමණ දක්වා ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලකට අනුව රරහස් පොලිසිය මෙම විමර්ශන ආරම්භ කර ඇත.
පළාත් පාලන මැතිවරණ ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට විවිධ හැඳුනුම්පත් සහ ලේඛන දහයකට මැතිවරණ
නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් ලැබී නොමැති ජන්දදායකයකයෙකුට අද (06) ජන්ද මධ්‍යස්ථානයේදී ජන්දය භාවිතා කිරීමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස්
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට තමන්ට ලිපි බෙදන තැපැල් හෝ උප තැපැල් කාර්යාලයෙන් ජන්ද විමසීම පැ
ඡන්ද පොළවල් ආශ්‍රිතව අනවශ්‍ය රංචු ගැසීම් වලින් වළකින ලෙස පොලිස් මූලස්ථානය සියලුම ජනතාවගෙන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කරයි.
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි
chandima Wednesday, 08 May 2024 10:57 PM
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැනේ?
NIMAL Wednesday, 08 May 2024 11:16 PM
මානුෂිය හැගීම් නොමැති, ආත්මගරුත්වය පිලිබදව කිසිදු තැකීමක් නොකරන ආත්මය මුදලට පාවාදෙන මිනිස්සු. මෙවැනි සොරකම් කොපමණ සිදුවෙනවා ද ?
සෙනෙවිරත්න Thursday, 09 May 2024 03:41 AM
ක්‍රමයෙන් නිළධාරින් නොබියව නීතිය ක්‍රියාත්මක කරන බව පෙනේ. උසාවිය දුන් නියෝගයෙන් පන්නරයක් ලබා නොබියව කටයුතු කරන්න. ජනතාව ඔබ සමගයි. ගුවන්තොටේ නොබියව කතා කල තරුණයා, ඊයෙ දුන් නඩු තීන්දුව, සහ මෙම ක්‍රියාව සියලුම ප්‍රගතිශීලී ජනතාවට උත්තේජනයකි.ජයවේවා
ranjith Thursday, 09 May 2024 06:11 AM
මේ වගේ වංචාකාරයෝ ගෞවරවනීය වෛද්‍ය සේවයටත් නිගාවක්
ජගත් ලියනගේ Thursday, 09 May 2024 06:32 AM
මේ වගේ එවූන් ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතුයි. රෝගීන් කොච්චර මැරිලා ඇත්ද ඔය බෙහෙත් පාවිච්චි කරල.
hemantha Thursday, 09 May 2024 07:38 AM
එල්ලුම් ගස් යවන්න ඕන මීනිමැරුම් චෝදනා යටතේ
ජගත් ලියනගේ Thursday, 09 May 2024 08:26 AM
මේ වගේ එවුන්ව හිටවලා පස් ගහල මරන්න ඕන අහිංසක රෝගීන්ගේ ජීවිත එක්ක සෙල්ලන් කරාට.
sachith Thursday, 09 May 2024 08:32 AM
මේකත් ඡන්දේ බලාගෙන යන තවත් එක අතක නාට්‍යයක් විතරයි
Rifan Thursday, 09 May 2024 08:57 AM
මොහු වරදකරුවෙක්ද? නැද්ද? යන්න අප නොදනිමු. නමුත් මෙවැනි තැනකට ඔහු යොමුවීම පිටුපස රටේ දේශපාලඥයින් සිටින බව නම් ස්ථීරය. එම නිසා මෙවැනි තත්වයන් සදහා නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීම රටක් වශයෙන් ඉතා වැදගත් කාරණයකි. හැබැයි තෝරාගත් කිහිපයක් සදහා පමණක් මෙසේ ක්‍රියාත්මක නොවී සෑම සියළු කේෂත්‍රයක් සදහාම මෙලෙස නීතිය ක්‍රියාත්මක වියයුතුය.
Bunny Preena Thursday, 09 May 2024 09:07 AM
කිසිම ලැජ්ජාවක් නැති පිරිසක්...
ෂෙහාන් Thursday, 09 May 2024 09:25 AM
හොද වැඩේ මේකට. අමු හොරෙක්. මුන් තමයි සිංහ හම පොරවා ගත්තෝ
පිටිගල මිලානෝ Thursday, 09 May 2024 10:06 AM
මේ අය සියල්ලටම සමූහ ඝාතන චෝදනා ගොනු කරන්න.
fairoos Thursday, 09 May 2024 11:28 AM
මෙයාව අත්අඩංගුවට ගත්තා කියලා කෙහෙලියට එපානම් දෙන්න එපා
sam Thursday, 09 May 2024 01:12 PM
මූ වගේ කාලකන්නි ප්‍රසිද්ධ ස්ථානවල එල්ලා මරන්න ඕනේ.කාලකන්නි ,අනික අර කෙහෙළිය කියන පට්ට හොරා
Gamini Gunasinghe Thursday, 09 May 2024 01:53 PM
කිසිදු තරාතිරමක් සමාජ තත්ත්වයන් හෝ දේශපාලන බලය නොතකා නීති මගින් කටයුතු කළ යුතුය .එසේම මෙවැනි දේශද්‍රෝහීන් එල්ලා මැරීමට නීති සම්පාදනය කළ යුතය..