(අංජුල මහික වීරරත්න)
පොරොන්දු දේශපාලනය හේතුවෙන් ජාතියේ ආර්ථිකය කඩා වැටී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මැතිවරණ සඳහා සූදානම් වන විට රට ගොඩනැගීම සඳහා පුළුල් සැලැස්මක් සකස් කරන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා කීය.
ජාත්‍යන්තර රේගු දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
කොළඹ රේගු මූලස්ථානයේ දී මෙම සැමරුම් උත්සවය පැවත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මහබැංකුව කැඩුවේ...?
ඒ කිව්වේ මහත්තයෝ නිකං බ්‍රේස්ලට්, චුයින්ගම්, වයිෆයි වගේ ඒවාද...?
එතකොට මල්ලිලාට බෙල් බොටම්, නංගිලාට බ්‍රේස්ලට් දෙනවා කිව්වේ මොන දේශපාලනෙන්ද?
ඔයා කියන එම පොරොන්දු දේශපාලනයට දැන් වසර 76ක් වෙනවා. ඒකෙන් වසර 47ක්ම ඔයාත් මෙම පොරොන්දු දේශපාලනයේ අදටත් නිරත වෙලා ඉන්නේ. හොඳම උදාරණය තමයි ඔයාගේ කුලියාපිටියේ වොක්ස්වැගන් කාර් කර්මාන්ත ශාලාව. ඒකත් පට්ට පල් බොරුවක්. ජවිපෙ කවදාවත් බොරු පොරොන්දු දීලා නැහැ. පහුගිය ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ ගෝඨාභයත්, සජබ සජිතුත් කිව්වේ ගොවීන්ට නොමිලේ පොහොර දෙනවා කියලා. නමුත් ජවිපෙ නම් කිව්වේ නොමිලේ දෙන්න තරම් රටේ ආර්ථික යහපත් තත්වයකින් නොවේ කියලත්, බලයට ඇවිත් භාණ්ඩාගාරයේ තත්වය බලන්න... නැතුව බොරු පොරොන්දු දෙන්න බැහැ කියලා...
අදටත් ඔහු ඒ දේම කරනවා... ඒකනේ ලක්ෂ 6ක් වූ සමෘද්ධි ගණන ලක්ෂ 20ක් කළේ...!
ඇඳුම් අඳින්නේ මොකටද කියලා බැලුවේ... මෙහෙම ලැජ්ජා නැති කතා කියන්න පුළුවන් පිස්සන්ට විතරයි. මේවට අහුවෙන අය තාමත් මෙහෙ ඉන්නවා.
අමු කැවිලාද? 77 ඉඳලා පාර්ලිමේන්තුවේ. අවුරුදු 25ක් විතරම ආණ්ඩුවේ...!
එතකොට හොරකම් කරපුවා. රජයේ වාහනවල වෙඩින් යාම. නීතිත් හදාගෙන ඒවාට, ඕවා මහ බලුවැඩ...
මේ අයද ජනාධිපති වුණේ... හොරු හිරේ යවන්නේ නෑ කියන පොරොන්දුවටනේ... ඒකත් පොරොන්දු දේශපාලනේ තමයි.
අපි තමයි බොලාට පොරොන්දු වුණේ...!
ඔව්, ඔව් අර චුයින්ගම්, බ්‍රේස්ලට් දෙනවා. 2048 ලංකාව දියුණු රටක් කරනවා වගේ පොරොන්දු නේ...!
කයිවාරු ගහන්න ඉස්සරවෙලා ජනතා ඡන්දයකින් පත්වෙලා එනවා හලෝ... පිනා චාන්ස් එකක් අරගෙන තව කයියත් ගහනවා...