(නිමල කොඩිතුවක්කු)
ත්‍රස්තවාදය වළක්වා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අලුත් නීති ගෙන ඒමට ගෝඨාභය රාජපක්ෂ මහතා විරුද්ධ වීම ගැන ඔහු රට හමුවේ පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිරිබත්ගොඩදී අද (23) පැවැසීය.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කයිවාරු ගහන රාජපක්ෂවරු රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරනවාට විරුද්ධ වීම ගැන තමන් කණගාටු වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කිරිබත්ගොඩ නගරයේ සංවිධානය කර තිබූ ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නව නීති පැනවීමට දෙමළ සහ මුස්ලිම් පක්ෂ විරුද්ධ නොවෙද්දී පොහොට්ටුව පමණක් විරුද්ධ වීම ගැටලු සහගත බවත් අග්රාමාත්යවරවයා සඳහන් කළේය.
රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කළ හැක්කේ සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති බවට පත්කර ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට රටේ ආරක්ෂාව බාර දීමෙන් පමෙණක් යැයිද අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරුද්ධයි නේද? මොකද ඔබතුමා මේ වෙනකන් මේ රටට හිතකර කිසිඳු නීතියක් සාදා නැති නිසාත්, දැනට ඔබතුමා සාදා ඇති සැම නීතියක්ම, පනතක්ම අවසානයේ අපට නොව විදේශිකයින්ට සහ බෙදුම්වාදීන්ට වාසි වන ලෙසත් සාදා ඇති නිසායි..
"..ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නව නීති පැනවීමට දෙමළ සහ මුස්ලිම් පක්ෂ විරුද්ධ නොවෙද්දී..." ඒකෙන්ම තේරනවා හදන නීතිවල හැටි. ඝෝඨා විරුද්ධ වෙන්නම ඕනේ එ් නිසයි..!
එකම හේතුව ඔයා අටවන උගුල් සහ ඔයාගේ අටමගල් වල තියෙන්නේ ඝාතකයින් හුරතල් කරමින් රට වනසන විජ්ජා නිසයි. තමුන්ලාගේ රජය මේ රටට කළ දේ මේ රටට තවමත් වාවගන්න බැහැ. රට කෑවා...!!!
ඒ හැම පණතකටම විරුද්ධ වෙන්නේ ඔහු ඇමෙරිකන් කාරයෙක් විදිහට ඒ හැම පණතකින්ම ඇමෙරිකාවට අවාසි වෙන හින් දා.
අන්තිමට ගහපු පදයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ.
අලුත් නීති වලින් ඔබ බලාපොරොත්තු තව දුරටත් ජනතාවගේ ආරක්ෂාව නැති කිරීමද? තිබුන නීති ක්‍රියාත්මක කලා නම් කළු පාස්කුවක් 2019 දී වෙන්නේ නැහැ. ගෝඨා රට ආරක්ෂා කළා මිස රට විනාශ කලේ නැහැනේ.
අලුතින් නීති හඳුන්වා දීමට වඩා අවශ්‍ය වන්නේ අත් අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන එක. ක්‍රියාත්මක නොකර මොන නීති හැදුවත් වැඩක් නෑ. ත්රස්තවාදීන්ට නීතිය ක්‍රියාත්මක නොකර ආරක්ෂා කරන්නේ ඇයි දැයි ඔබලා පැහැදිලි කළ යුතුයි.
රාජපක්ෂලා හැමවිටම සිතන්නේ තමන් සහ තම පවුල් ගැන විතරයි.
සජිත් ජනාධිපති කර ෆොන්සේකා අරක්ෂක ඇමති කරපුවම සේරම හරි නම් මොකද නොකෙරුවේ? මෛත්‍රීපාල සිරිසේන එදා සජිත්ව අගමැති කරන්නට හදද්දී එතුමා බාර නොගත්තේ එතුමාගේ කොන්ද පිළිබඳව ප්‍රශ්නයක් නිසා... දැන් ජනාධිපති වෙලා ෆොන්සේකාව ආරක්ෂක ඇමති කරන්ට හදන්නේ ෆොන්සේකාගේ බෙල්ල කඩන්ට... ෆොන්සේකාට කියන්ට පුළුවන්ද අන්තවාදය නැති කරනවා කියලා රවුෆ් හකීම්, වේදිකාවේ තියාගෙන...? රිෂාඩ් බදුර්දීන් ළඟ තියාගෙන, මුජිබර් රහුමාන් ළඟ තියාගෙන, සජිත්ගේ ආණ්ඩුවේ අගමැති කවුද කියලා කියන්ට කොන්දක් නැති සජිත්ට පුලුවන්ද රනිල්ගේ බලපෑමක් නැතිව ආණ්ඩු කරන්නට. සජිත් දිනුවත් සජිත්ට වෙන්නේ රනිල්ගේ සහකාර ලේකම් වෙන්ට. රනිල් දෙන ලියුම්වලට අත්සන් කරනවා ඇරෙන්නට වෙන කිසිම දෙයක් සජිත්ට කරන්ට වෙන්නේ නැහැ.
නීතිය පැත්තෙන් ගත්තොත් ඔබතුමා නියම ආඳෙක්... බලන්න සිරිසේන ජනපති අන්දපු ඇන්දිල්ල... අන්තිමේදී ශ්‍රේෂ්ට අධිකරණයෙන් අහන්න වුණා. මගේ ධුර කාලය 5ද 6ද...? මට තිබුණු බලතලවලට වූ දේ. ඒකනිසා නීති සම්බන්ධයෙන් ඔබතුමා ගන්නා ක්‍රියාමාර්ගවලට ජනතාව වැඩි කැමැත්තක් නැහැ.
දෙමළ අය විරුද්ධ නැහැ කියන්නේ හොඳ නීති ටිකක් වෙන්න ඇති..
මේ සුත්තර පුංචා කවදද රටේ යහපතට නීතියක් හැදුවේ ? මෙයාගේ නීති වලට කැමති වෙන කණ්ඩායම් දිහා බැලුවම තේරෙන්නේ නැද්ද කාගේ යහපතට ද කියලා ?? ගොටාභය විතරක් නෙමේ .. මහා ජනතාවට ප්‍රසිද්ධ කරලා මනාපය ඇහුවොත් මුළු රටම විරුද්ධ වෙනවා කතා දෙකක් නැතුව ... මේ ජාතියේ තව දෙන්නෙක් හිටියා නම් රට කාට කාට විකුනලා තියෙයි ද මේ වෙද්දී ...හොඳ වෙලාවට නැවට එකයි ...
තිබුණු නීතිවල වැරැද්ද හෝ අඩුව මොකක්ද? ඒවා ඔබගේ කාලයේදී ක්‍රියාත්මක කරාද නැද්ද?
මෙයා තමයි ජාතික ආරක්ෂාව ගැන කතා කරන්න හොඳම කෙනා...
ජාතික ආරක්ෂාව තහවුරු කරන්න අළුත් අළුත් නීති හදිස්සියෙම අවශ්‍ය නැහැ. මේ තිබෙන නීති පද්ධතිය ආරක්ෂාව තහවුරු කිරීමට හොඳටම ප්‍රමාණවත්. අපි නො දන්නවයැ 19ක් ගෙනැල්ලා රටට කරපු හරිය...
රටට මොනවා උනත් තමාගේ බලය පවත්වා ගැනීම ගැන පමණක්ම හිතන කපටි, රටටත් නැති ජාතියටත් නැති, ධර්මයටත් නැති මිනිසුන් ගැන කිසිවෙකු විශ්වාස කරයිද ? කරන ඕනෑම දෙයක් රටට හානියක් වී තමාට වේට්ටු දදා බලයේම ඉන්න සුදුසු දෙයක් වනු ඇත. රටට දැයට ආදරය ඇති, ආරක්ෂාව පිළිබඳ පළපුරුදු ඇති, උගත් බුද්ධිමත් අය ඊට විරුද්ධ වන්නේනම් ඒ සාධාරණ හේතුවක් මතමය.
රටම විනාශ කරා අනේ..............