(අංජුල මහික වීරරත්න)
මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආර්ථික ප්‍රවනතා සහ දේශගුණික විපර්යාස ඇතුළු සියලු සාධක කෙරෙහි අවධානය යොමු කරමින් මෙම ආරක්ෂක සමාලෝචනය කරන බව කී ජනාධිපතිවරයා ඒ සඳහා විශ්‍රාමික මේජර් ජනරාල් චන්න ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති කණ්ඩායමේ වාර්තාව ලැබීමෙන් පසු ජාතික ආරක්ෂක මණ්ඩලයේ නවීන ආරක්ෂක ප්‍රතිපත්ති සැකසීමට පියවර ගන්නා බව කීය.
බූස්ස නාවික හමුදා ස්වේච්ඡා බලකා උසස් නාවික පුහුණු මධ්‍යස්ථානයේ පැවති වර්ණ ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමතිස්සේම ජාතික ආරක්ෂාවක් ගැන කතා කරනවා. යුද්දේ කාලේ වත් නැහැ... ඔහොම කතා කළේ...
සාලාව වගේ තවත් අවි ගබඩාවක් එහෙම තියෙනවා නම් පුපුරවලා දාමු. එතකොට කොටි සහ අනෙක් අන්තවාදීන් උඩ පැන පැන සතුටු වෙයි. ජාතික ආරක්ෂාව තහවුරු වෙයි...!
රටේ දිනපතා සිදුවන ඝාතනවල් පාලනය කරන්න බැරිව, ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් සිදු කරන්න යනවාලු? ලුම්බිණි මහත්තයා කිව්වා වගේ, යුද්ධය සමයේ මෙයා රණවිරුවන්ව අවතක්සේරු කළා, අධෛර්යමත් කරන්න උත්සාහ කළා... තොප්පිගල අල්ලන්න යනකොට කිව්වේ, තොප්පිගල කැලේ කියලා... නමුත් කැලේ ඉඳන් තමයි ත්‍රස්තවාදීන් සේරම කළේ. එදා මෙයාගේ ගෝලයකුට කිලිනොච්චි මැදවච්චි වගේ සහ අලිමංකඩ පාමංකඩ වගේ පෙනුණා. දැන් මෙයාට රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව සහ රණවිරුවන් පිළිබඳව පුදුම කැක්කුමක් ඇවිත්...
ආර්ථික ප්‍රවනතා සහ දේශගුණික විපර්යාස ඇතුළු සියලු සාධක කෙරෙහි අවධානය යොමු කරමින් ලෝකයේ වෙනත් රටවල් canada, us british වනි රටවල් ගන්නාවූ තීරණ සහ අරබුද සදහා වූ ලබාදෙන්නා වූ විසඳුම් පිළිබඳවද සොයාබැලීම වැදගත් වේ. බොහෝ අවස්ථාවන්වලදී එම රටවල් මේ වැනි පාරිසරික සහ ආර්ථික ගැටළු සඳහා වෙනමම විශ්ලේෂණය කරමින් ඒ සඳහා දක්ෂ කණ්ඩායම් පත්කර තිබීමත් එම රටවල මේ සඳහා පූර්ණ කාලීන ආයතන තිබීම හේතුවෙන් ඔවුන් සතුව බොහෝ ඩේටා සහ විසඳුම් තිබෙන්නට පුළුවනි...