(යොහාන් භාසුර)
ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කර අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට නිසි බලධාරියෙක් පක්තර නිසි යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු බවත් වර්තමානයේ රට තුළ පවතින තත්වය සාමාන්‍ය තත්වය යටතේ කළමනාකරණය කළ නොහැකි බවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.
අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා ජීවිත අවදානම නොතකා මැදිහත් වන රාජ්‍ය නිලධාරීන්ට වන පීඩා පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය මැදිහත්නොවීමට විරෝධය දක්වන බවත් මාතර ප්‍රාදේශීය ලේකම්වරිය අපහසුතාවට පත්කළ මාතර මහ රෝහලේ සේවකයින් පිරිසට සහ වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම්වරයාගේ රාජකාරියට බාධා කළ කුරුණෑගල නගරාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නොමැති බවත් එම සංගමය සඳහන් වේ.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවේ නූගත් අය දැනට තියෙන 3% ජනමතයත් පහත හෙළනවා...
මොලේ කළඳක් නැති, උගත් කමක් නැති කෙනෙකු නායකත්වයට පත්කරන්න පිටරටින් ආපු අය කෝ දැන්? ඔහෙලට දැන් ආඩම්බරයිද? උපන් රට විනාශ කරන්න නටපු නැටිල්ල ගැන...?
මේ ආණ්ඩුවේ රැලට ජාතික ආපදා තත්වයක් ප්‍රකාශ කරලා වැඩපිළිවෙළක් හදාගන්නේ කොහොමද කියලාවත් හිතාගන්න බැහැ.
රටට මේ සිද්ධවෙලා තියෙන විපත්තියට වග කියන්න ඕන තවත් එහෙයියන් කණ්ඩායමක්. දේශපාලකයින්ට හොරා කන්න නීත්‍යානුකූලව පාර හදලා දෙන්නෙ මොවුන් තමයි...
රටේ අවාසනාවට පොහොට්ටුවෝ ටිකට පරිපාලනය කියන දේ තේරෙන්නේ නැහැ... ඒ ගොල්ලන්ගේ ලොක්කා ගොබ්බසේනට ඔය දේවල් ගැන කිසි දැනීමක් නැහැ..
රට මේ තත්ත්වයට ගේන්න සම්මාදම් වුණු හොර උපාසක සෙට් එකක් බොරුවට මාධ්‍ය සංදර්ශනයක් දාලා. පුළුවන් නම් මේ අවස්ථාවේදීත් මොකක් හරි වාසියක් ගන්න චක්‍රලේඛයක් ගහයි...
රාජපක්ෂවරුන් රකින්න තවත් බයියන් සෙට් එකක් ඉතුරුවෙලා ඉන්නවා. ඒ අයට රටට මෙච්චර වෙලත් මදි..!