IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජාතික ආදායමෙන් සියයට 64 ක් ඉහළ ධනවතුන් පිරිසකට එනවා

(යොහාන් භාසුර)
මෙරට ජාතික ආදායමෙන් සියයට 64 ක් ඉහළම ධනවතුන් සියයට 10 ක් භුක්ති විඳින බවත් පහළම ස්තරය වන සියයට 50 ක පිරිස ජාතික ආදායමෙන් සියයට 4 ක් පමණ ඉතා සුළු ප්‍රතිශතයක් බුක්ති විදින බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වාර්තාවකින් හෙළි කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
රටේ බදු ප්‍රතිපත්තිය සැකසිය යුත්තේ ඉහත කී බරපතළ විෂමතාවට සරිලන ආකාරයට බවත් එම විෂමතාව පිළිබඳව කිසිත් නොසිතා වක්‍ර බදු තොග පිටින් පැටවීමෙන් පහළම සිටින සියයට 50 ක ස්තරය ජාතික ආදායමෙන් භුක්ති විඳින සියයට 4 ක ප්‍රමාණය ද අහිමි වියහැකි බවත් ඒ මහතා කීය.
වත්මන් පාලකයන් පාලනතන්ත්‍රය මෙහෙයවන්නේ රටේ සැබෑ තත්ත්වය පිළිබඳව නිවැරදි කිරාමැන බැලීමකින් තොරව බව කී ඒ මහතා ආනඩුව හැසිරෙන ආකාරයට අවබෝදයක් නොමැති යැයි පැහැදිළි බව ද වීරවංශ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී වීරවංශ මහතා එසේ පැවසීය. 



අදහස් (11)

ජාතික ආදායමෙන් සියයට 64 ක් ඉහළ ධනවතුන් පිරිසකට එනවා

සාමාන් Thursday, 01 February 2024 09:42 PM

ඉතින් කොහොමද ඔබ තුමා එක පරම ධනවතෙක් උනේ කියල කියන්න බැරිද? කගේ සල්ලිද ඒවා?

:       0       12

G. K. Ekanayake Thursday, 01 February 2024 09:42 PM

ඉස්සර නම් මේ කියන කෙනාටත් ගියා.

:       0       12

Prabha Thursday, 01 February 2024 10:09 PM

මෙයා එන්නේ අර 4% අතරේ වෙන්න ඇති

:       0       8

පහළම ස්තරය වන සියයට 50 ක පිරිස Thursday, 01 February 2024 10:48 PM

ඔයත් දේශපාලනයෙන් ධනවතෙක් වෙච්ච හැටි අපටත් කියල දෙන්නකො. අපි ඕනනම් වැඩිපුර පින් ටිකක් අනුමෝදන් කරන්නම් දෙමාපියන්ටත් එක්ක !!!

:       0       9

Bamunuarachchi Thursday, 01 February 2024 11:46 PM

ඔය කියන ධනවතුන් සමුර්ධිය, අස්වැසුමේ ලබාගන්න ධනයද? නැතිනම් කෝටි ගණන් වියදම් කර ව්‍යාපාර කරලා තවත් රටේ දහස් ගණනකට රැකියා සපයලා හොයන මුදල්ද? ඒ ්ධනවත්තු රජයේ වැඩවලට ගෙනා සිමෙන්ති තමන්ගේ ගෙවල් හදන්න ගෙනියන අය නොවයි නේද?

:       1       6

SAM Friday, 02 February 2024 02:01 AM

එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ විදේශ කුමන්ත්‍රණකරුවන් කියන දේවල්, හරියි කියලා කියන දවසකුත් ආවා එහෙනම් ! LOL

:       0       11

Perera Friday, 02 February 2024 07:07 AM

තමුනුත් ඒ 64% ඉන්නවා නේ

:       0       10

Dasa P Friday, 02 February 2024 08:34 AM

පහලම ස්ථරයේ ඉඳලා ඉහලම ස්ථරයට ආපු අයත් ඉන්නවා තමුන්නැහේ වගේ .කටයි ...කයි විතරයි ඕනේ

:       1       10

Lalla Friday, 02 February 2024 09:57 AM

වක්‍ර බදු නැතිව ඍජු බදු ගෙවන්න සිද්ධ කලොත් රටේ මැදි සහ ඉහල ආදායම ගන්න වෘත්තීය වේදීන් තාක්ෂණවේදීන් හිඟමණටම වැටෙනව. අවසාන ඵලය සියල්ලෝම රට හැර යාම... දුප්පත්කම කියන්නේ කාරනා දෙකයි... නූගත්කම හෝ වෘත්තීය දක්ෂතාවය දියුණුකර නොගැනීම සහ කිසිම රැකියාවක් නොකර නිකම් සිටීම. ගම්වල ජනතාව බහුතරයක් නිකම්ම කාලය කා දමන එක සුලබ දෙයක්. සහනාධාර දීම අත්හිටුවීම අත්‍යාවශ්‍යයි. විකල්ප නෑ..

:       2       14

Kazi Shajahan Friday, 02 February 2024 02:22 PM

ඕවා ගැන නොවෙයි දැන් විමල් හොයන්න ඕනෑ... ඊළඟ ඡන්දයෙන් පාර්ලිමේන්තු එන විදිහක්...

:       0       0

Lelwala Friday, 02 February 2024 09:07 PM

මෙයත් ඒ ගණයට අයිති වෙනවා. පා පැදියක්වත් තිබුණාද..?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site