IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ජාජබ ජාතික ලයිස්තුව

(අංජුල මහික වීරරත්න)

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.

බිමල් රත්නායක(ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී)ආචාර්ය අනුර කරුණාතිලක(කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික) මහාචාර්ය උපාලි පන්නිලගේ(රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පිඨාධිපති ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික) එරංග උදේශ් වීරරත්න(සමාගම් ප්‍රධාන විධායක නිලධාරී, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික) අරුණ ජයසේකර(විශ්‍රාමික මේජර් ජනරාල්, ජාතික ජන බලවේගයේ විශ්‍රාමික හමුදා සාමූහිකයේ ප්‍රධානී) ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම (සමාගම් අධ්‍යක්ෂ, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික) ජනිත රුවන් කොඩිතුවක්කු (නාවුක සහකාර ඉංජිනේරු, ජාතික ජන බලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සාමාජික) පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි (ඉංජිනේරු, ව්‍යාපෘති කළමානාකාර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික) රාමලිංගම් චන්ද්‍රසේකර් (පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත්‍රික් සංවිධායක)වෛද්‍ය නජිත් ඉන්දික (සමාජ ක්‍රියාකාරී, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු) සුගත් තිලකරත්න (ඔලිම්පික් ක්‍රීඩක) නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර(ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික) සුනිල් කුමාර ගමගේ (වරලත් ගණකාධිකාරී, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ආර්ථික කවුන්සිල සාමාජික, ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති) ගාමිණී රත්නායක (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු) මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ(ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති, ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති) සුගත් වසන්ත ද සිල්වා(සමාජ සේවා නිලධාරී (විශ්‍රාමික), ශ්‍රී ලංකා දෘෂ්්‍යාභාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති)අබුබකර් ආදම්බාවා(දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාශයේ අපේක්ෂක - රුහුණු විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබද විද්‍යාවේදී උපාධිධාරි, අධ්‍යාපනවේදී පශ්චාත් උපාධිදාරි, ලංකා ගුරු සේවා සංගමයේ උප ලේකම්)ආර්. එච්. උපාලි සමරසිංහ (වන්නි මැතිවරණ කොට්ටාශයේ අපේක්ෂක - ජාතික ජන බලවේගයේ වව්නියාව දිස්ත්‍රික් සංවිධායක)

 



අදහස් (3)

ජාජබ ජාතික ලයිස්තුව

අමල් Sunday, 17 November 2024 07:08 PM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්...! පුනරුද යුගයේ මාලිමාවට ඡන්දය දුන් ගාල්ලේ එකෙක් රුසියානු තරුණියක් අහුන්ගල්ලේ රියු හෝටලේදී දූෂණය කරලා ! නලින් හේවගේලා අන්න එහෙමයි මුළු පාර්ලිමේන්තුවේම මල් පුප්පන්න යන්නේ...!

:       0       2

Perera Monday, 18 November 2024 03:00 AM

1977 ට පෙර මෙවැනි උගත් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවේ සිටිය බව අපේ වැඩිහිටියන් කියලා තිබෙනවා....

:       0       0

විනිවිද Monday, 18 November 2024 05:21 AM

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෙවත් සිලින්ඩරය ලද ඔවුන්ට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සඳහා එක්සත් ජාතික පක්ෂය තුළ අපකිර්තියට පත් හෝ පරාජිතයින් නොව එක්සත් ජාතික පක්ෂය සඳහා කැපවන පක්ෂ මාරු නොකරන ලද දූෂිත හෝ අධිකරණ චෝදනා නොමැති අලුත් දෙදෙනෙකු පක්ෂය තුළින් නම් කිරීම තුළ පක්ෂයට නව ඇරබුමක් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් තුළද අලුත් බලාපොරොත්තු ඇතිකළ හැකිවේ. එමෙන්ම ඔවුන්ට පාර්ලිමේන්තු අද්දැකීම් ලබාගැනීමට අවශ්‍ය පසුබිමද ලැබෙනු ඇත. ඔවුන්ට අවශ්‍ය පුහුණුව එහිදී ලැබෙනු ඇත. සියලු දෙනාගේ කැමැත්ත මත අලුතින් දෙදෙනෙකු එක්සත් ජාතික පක්ෂය තුලින් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පත් කිරීම මේ අවස්ථවේ සිදුවිය යුතුවේ. මැතිවරණ අවස්ථාවේ හෝ අවස්ථාව අනුව මතුවී දේශපාලකයන් වන චරිත නොව දේශපාලනය පිළිබඳ අවබෝධයක් සහ කියවගත හැකි දෙදෙනෙකු වීම සහ පාර්ලිමේන්තුවට ගොස් පක්ෂ මාරු කරන්නා වූ පුද්ගලයන් නොව නායකත්වයේ විස්වාසය ලබාගත හැකි වීමද වැදගත් වේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 158 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site