
(යොහාන් භාසුර)
'පාස්කු ඉරුදින' ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියන්ට ජාතික ජන බලවේගයේ නායකයෝ බොරැල්ල අගරදගුරු නිල නිවසේදී අද (18) පෙරවරුවේ පිළිගැන්වූහ.
2019 අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) කතෝලික සහ ක්‍රිස්තියානි බැතිමතුන් ඉලක්ක කරගනිමින් අන්තවාදීන් කණ්ඩායමක් කළ ම්ලේච්ච මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අහිමි වූ ජීවිතවලට, එම ප්‍රහාරය මගින් අසරණ වූ පවුල්වල සාමාජිකයන්ට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවටත් එම ප්‍රහාරයට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධවූ පුද්ගලයන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් අවධාරණය කරන ප්‍රධාන කරුණු 07ක් එම ලියවිල්ලට ඇතුළත්ය.
මෙම හමුවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, නීතිඥ සුනිල් වටගල, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රොහාන් ප්‍රනාන්දු සහ අරුණ ශාන්ත නෝනිස් යන අය සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පින් ජනාධිපතිත් යාවි. ගිහින් සුපුරුදු පරිදි බොරු පොරුන්දුවක් දේවි. පින් ජනාධිපති ජනාධිපති ධුරයට පත්වූ විගස කිව්වේ ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලීසිය ගෙනැල්ලා හරි විමර්ශනය කරනවා කියලා. මම නම් කියන්නේ ස්කොට්ලන්ඩ් යාර්ඩ් අවශ්‍ය නැහැ. මේ රටතුල දක්ෂ විමර්ශන නිලධාරීන් කෙසේවෙතත් ඉදිරියේදී පත්ව්න මාලිමාව ආණ්ඩුව තුළ වින්දිතයින්ට සාධාරණය ඉටු වේවි...!
අපිට ලොකු විශ්වාසයක් තියෙනවා NPP මේක කරයි කියලා අවංකව... මහ මොලකරුවන් එක්කම... එතකොට කාගෙ කාගේත් රෙදි ගැලවෙයි මේ කරපු මහ අපරාධයට...
පක්ෂය නියෝජනය කරන්න එකම මන්ත්‍රී කෙනෙක්වත් නැහැ. ඇයි එයාලාට කාදිනල් තුමාගේ කකුල් දෙක ගාවට යන්න ලැජ්ජද? පාර්ලිමේන්තුව නියෝජනය කරන අය උසස් කියලා එයාලා හිතනවාද?
එතකොට මේවා ඡන්ද ගුණ්ඩු නෙවෙයිද ?
ඊබ්‍රහිම් නානා ගැනත් කතා කරයිද?
ඉබ්‍රහිම් නනාගෙන් පටන් ගමු. කාදිනල් තුමා ඒ ගැන කවදාවත් අහන්නේ නැත්තේ ඇයි?
මේ නඩය ඇත්තටම මොන මගේ යන අයද? විපත් මගේද? වියත් මගේද?.
අසාර්ථක වියත් මග අංක 02...
අපිට කොමිනිස්ට් කාරයෝ එපා . ලෝකෙටම එපා වෙලා තියෙන්නේ . අවරුදු ගානක් ෆයිල් තියාගෙන මේ මහත්වුරු මොකද කලේ ? උසාවි වහලා තිබුණද? දැන් මේ ඡන්දෙ දිනන මාවතක් හොයනවා. ලංකාවේ හැම පක්ෂයක්ම බොරු කාරයෝ . මිනිස්සු හාමතේ . මේ ගොල්ලෝ බලය අල්ලන්න බලනවා .
අන්තිමට කියයි, වාර්තා රහසිගතයි... ප්‍රකාශයට පත්කරන්න බැහැ කියලා...
නැවතත් කරලියට ඇවිල්ලා...!