(ඩිල්ශානි චතුරිකා දාබරේ)
සිය රාජකාරි කටයුතු සදහා රජය විසින් ලබා දී ඇති නිල රථය අද(16) සිට ජංගම පුස්තකාලයක් බවට පත්කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පවසයි.
සිය දෙපාර්තමේන්තුව යටතේ සිටින විවිධ ආයතනවල සේවය කරන පිරිස වෙනුවෙන් පළමුව මෙහි ප්‍රයෝජන ලබාදීමට සූදනම බවද, පසුව සාමාන්‍ය ජනයාට මෙම අවස්ථාව ලබාදෙන බවද ඒ මහතා පැවසීය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සෑම රථයක් සදහා ම මෙය ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවද, ජංගම පුස්තකාලයේ කටයුතු සම්බන්ධීකරණය සදහා මේ වනවිට වෙනම නිලධාරියෙක් පත්කර ඇති බවද කී අධ්‍යක්ෂ ජනරාල්වරයා, පුරාවිද්‍යාවට අදාල කෘති පමණක් නොව නවකතා ආදී ඕනෑම කෘතියක් මෙම පුස්තකාලයෙන් ලබාගත හැකි බවද කීය.
මෙය වඩාත් වර්ධනය කර, මුහුණුපොත ඇසුරුකරගනිමින් ජංගම පුස්තකාලයේ ඇති කෘති ගැන දැනුවත් කරන බවද, කෘතිවල මෘදු පිටපත් පවා ලබාදීමට සූදානමින් සිටින බවද මනතුංග මහතා සදහන් කළේය.
ඒ අනුව, සිය නිල රථයේ ජංගම පුස්තකාලයක් ක්‍රියාත්මක කරන පළමු ආයතන ප්‍රධානියා තමා විය හැකි බවද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර විනාශ කරන/වෙන පුරාවස්තු ටික ඉස්සෙල්ලා රැකගෙන මේ වැඩවලට අත තිබ්බානම් වටිනවා කියලා හිතෙනවා
නිල රථය බස් එකක්ද? නැත්නම් කාර් එකක් කොහොමද පුස්තකාලයක් දාන්නේ?
ඔලුවේ අමාරුවද...? ඕවා කරලා පොරක් වෙන්න බෑ... ඉස්සරවෙලා රස්සාව හරියට කරන්න. ගොන් වැඩකරලා පලවෙනියා වෙන්නද හදන්නේ..? විශ්ව විද්‍යාලේ ළමයින්ට අන්ඩර දෙනවා වගේ ලේසි නෑ රජයේ සේවය..