(ඩී.ජී.සුගතපාල)
ගාල්ල නගරයේ පිහිටි ප්‍රසිද්ධ වෙළඳ සමාගමක් රාත්‍රි කාලයේ බිඳ රුපියල් පහළොස් ලක්ෂ අසු දහස් නවසිය අසුවක් පමණ වටිනා ජංගම දුර කතන 14 ක් සහ ටැබ් පරිගණයක් සොරකම් කරන ලද සැකකරුවෙකු සොරකම් කරන ලද භාණ්ඩද සමග අත් අඩංගුවට ගැනිමට ගාල්ල පොලිසිය සමත්වි තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම පොල්වත්ත මහවත්තේ පදිංචිකරුවෙකි.
සැකකරු අලුයම තුනට පමණ වෙළඳ සල අසලට ගොස් ගලකින් ගසා ඉදිරිපස විදුරුව බිඳ පසෙකටවි බලා සිට නැවත පැමිණ ඇතුලුවි මෙම ජංගම දුර කතන සහ ටැබ් සොරකම්කරගෙන ගොස් ඇත.
මේ අතර එයට දින දෙකකට පසු ගාල්ල සමනල ක්‍රිඩාංගණ අසළදි බෑගයක් රැගෙන කොළඹ බලා යාමට සිටි සැකකරු සැකපිට අත් අඩංගුවට ගෙන පරික්ෂණ පැවැත්විමේදි සොරකම් කරන ලද සියලුම ජංගම දුර කතන සහ ටැබ් පරිගණකය සොයා ගෙන ඇත.
මෙම ටැබ් පරිගණකය පමණක් රුපියල් පන් ලක්ෂයක් වටිනා බවද ජංගම දුර කතන රුපියල් පනස් දහසේ සිට එක්ලක්ෂ අනූපන් දහස දක්වා වටිනා කමින් යුත් ඒවා බවද සැකකරු මෙම වෙළඳ සමාගමේ කොල්ලුපිටිය ශාඛාවද බිඳ මේ ආකාරයටම සොරකම් කිරිම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ වරෙන්තුකරුවෙකු බවද අනාවරණයවි තිබේ.සැකකරු අද (18) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබින.
ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක අජිත් කුමාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අරුණලාල් ,පොලිස් පරික්ෂක ධම්මික,උප පොලිස් පරික්ෂක එම්.නිමල්,සැරයන් බණ්ඩාරිගොඩ (58971) කිංස්ලි(9198) කොස්තාපල් පේමසිරි(90424) යන නිලධාරින් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

2025 දෙසැම්බර් මස 18
325
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජංගම දුරකතන සොරෙක් ගාල්ලේදී අත්අඩංගුවට