(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමා මන්ත්‍රීවරුන් 25 දෙනෙක් සමග විපක්ෂයට එන්න සූදානම් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කී ප්‍රකාශය ඔප්පු කළහොත් තමා ඉල්ලා අස් අස්වෙන්න සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍ර ආරච්චි මහතා පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පැවසීය.
එම ප්‍රකාශය ඔප්පු කරන්නට බැරි නම් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා අස්විය යුතු බව ද සුමිත්‍ර ආරච්චි මහතා සඳහන් කළේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
මැයි මාසයේ දී ආණ්ඩු පක්ෂයේ හිටපු අය දුරකථනයෙන් අපට වැල නොකැඩී කතා කළා. විපක්ෂ නායකට සහයෝගය දෙන්න කැමති බව කිව්වා .දිනපතා කෝල් හත අටක් ආවා . දවසක් මගේ කාර්යාලයේ ඉද්දි " මම කඩුවෙල සුමිත් කුමාර මන්ත්‍රිතුමා,25ක් සමඟ ඇවිත් සජිත්ට සහයෝගය දෙන්න සූදානම් "බව කතා කරපු එක්කෙනා කිව්වා. එතුමා කතා කළේ නැතැයි කියනවා නම් මම එය පිළිගන්නම්. ඉස්සරහ හිටපු කවුරුත් මට කතා කළා. එහෙනම් මට නම් සීයක් විතර කියන්න වෙයි . මම එහෙම කිව්වේ නෑ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd