
(ඩයනා උදයංගනී)
අනුරාධපුරයේදී අනතුරකට ලක්වූ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී මහතාට කොළඹ ජාතික රෝහලේ දී අද (4) පැය 7ක ශල්‍යකර්මයක් සිදුකෙරිණි.
සිදුවූ අනතුරින් ඔහුගේ ගෙලෙහි අස්ථිවලට හා ඉල ඇට හානි සිදුව ඇති බවත් ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
ශල්‍යකර්මයෙන් පසු ඔහු රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
චිත්‍රපටයක රූගත කිරීමකට අනුරාධපුරය ප්‍රදේශයට ගොස් සිටි ජැක්සන් ඇන්තනී මහතාගමන් ගත් කැබ් රථයෙහි වන අලියෙකු ගැටී ඇති අතර, පසුව එම අලියා කැබ් රථය මතට ඇද වැටීමෙන් ඉකුත් සෙනසුරාදා (2) මෙම අනතුර සිදුවිය.
අනතුරින් ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු එහි ගමන් ගත් තිදෙනෙක් තුවාල ලැබූ අතර ඔවුන් මුලින්ම අනුරාධපුර රෝහලට ඇතුළත් කරනු ලැබිණි.
පසුව ජැක්සන් ඇන්තනී මහතා ඊයේ (3) දිනයේදී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි, පූර්ණ සුවය ඉක්මනින්ම මෙතුමා වෙත ළගා වේවා යැයි පතමු. අනපේක්ෂිත අනතුරකට මුහුණ දුන් සද්ධන්තයාට ද ඉක්මන් සුව පතමු.
ඉක්මන් සුවය ලැබේවා..!
අරගලයට පක්ෂව එක වචනයක්වත් කියපු නැති රංගන ශිල්පියා... ඉක්මන් සුවය...!
යහපත් දෙයක් වෙයි... අපි බලා සිටින්නෙමු...
ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
ඔබට දීර්ඝායුෂ ලැබේවා...! තෙරුවන් සරණයි...!
ඉක්මණින් සුව වේවා...! ජැක්සන් මහතාණෙනි..!
මේ මනුස්සයාට නිදහසේ ඉන්න දෙන්න...!