(දයාරත්න ඇඹෝගම)
ප්‍රවීන රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි මහතා ගමන්ගත් කැබ් රථයේ ගැටුන වල් අලියා සෙවිම සදහා කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂක කාර්යාලයේ උසස් නිලධාරියෙකු පැවසිය.
තලාව මොරගොඩ හතේ කණුව ආසන්නයේදි පසුගිය 02 වැනි දින රාත්‍රි 10.30 ට පමණ ජැක්සන් ඇන්තනි මහතා ඇතුළු තිදෙනකු ගමන් ගනිමින් සිටි කැබ් රථයේ ගැටිමෙන් මෙම වල් අලියා වාහනයේ බොනට්ටුව මත දෙවරක්ම පතිතවිම නිසා වන අලියාද බරපතල තුවාල ලබන්නට ඇතැයි විශ්වාශ කරන බවද හෙතෙම පැවසිය.
ඒ අනුව මෙම වන අලියා මොරගොඩ ප්‍රදේශයේ උලුක්කුලම,විරවැව ප්‍රදේශයේ සොයා බැලිම සදහා අනුරාධපුර හා තලාව කාර්යාලවල සේවයේ නිරත නිලධාරින් ගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් සෝදිසි මෙහෙයුමක නිරතව සිටිති.
වාහනයේ ගැටුන අලියා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් ලැබි නොමැති බවද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂක කාර්යාලයේ එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපයේත් අලි ඉන්නවද?
ඒ අහිංසකයා ගැනත් හොයන එක හොඳයි...
මිනිස්සුන්ගේ නොසැලකිල්ල නිසා වන ජීවිත අනතුරේ..!
උගෙන් කට උත්තරයක් ගත්තද දන්නෙ නෑ
ජැක්සන් ඇන්තනි මහතා සත්ව හිංසකයෙක් නොවෙයි. අහිංසාවාදියෙක්. අතපසු වීමක් වෙන්න ඇති. මෙම ඇබැද්දියට මුහුණදුන් සැමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.
ස්වභාදහමින් පඩිසම් ලැබෙනව කියන්නෙ ඔකට තමයි
පාර මැද්දෙ හිටිය අලියව නොදකින්න තරම් ජක්සොන්ල මත්වෙලාද ඉදල තියෙන්නෙ ?
අලියා ගැන හොයන්නේ අලියාටත් අනතුරක් ද කියලා බලන්නටද, එසේ නැත්නම් අලියාට දඩුවමක් දෙන්න ද, එසේත් නැත්නම් අලියා සූටින් වලට ඉදිරියේ දි යොදා ගැනීමටද. අසරණ වල් අලින් මං මාවත් වලට එන්නේ උන්ගේ නිජ බිම් මිනිසුන් ආක්‍රමනය කර ඇති නිසා ඒවාට විසඳුම් සෙවිම වනජීවියේ වගකීම
මල කෙලියයි රාජපක්ෂ නාට්‍යට අනුව ඌට නඩුවක් තමයි.
සෞඛ්‍ය අංශ වලටත් නැති ඩීසල් මෙයාට තිබුනානෙ මෙච්චර දුර යන්න. Anyway, get well soon.....!!!!
ඒ අලියටත් අමාරු ඇති... ඉක්මනට ශල්‍යකර්මයකට භාජනය කරන්න වෙයිද?
අලියව ආයුධ පෙන්නන්න එක්කගෙන යයිද දන්නේ නැහැ නේද.