(විමුක්ති එස් රුද්‍රිගු)
ජනතා විමුක්ති පෙරමුණ ජනතා ප්‍රසාදය හිමිකර ගනිමින් දිනෙන් දින ශ්‍රී ලංකාවේ වර්ධනය වන පක්ෂයක් බව අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවති හමුවක් පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පසුගියදා පැවති හමුවේදී ඉතා ඵලදායී අවංක සාකච්ඡාවක් සිදු කළ බව ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.
එහිදී ඇමෙරිකාවේ ආයෝජන සම්බන්ධයෙන් සහ ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ගැටළුවක් ඇත්නම් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් තමන්ට දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙස අනුර කුමාර දිසානායක මහතාට පැවසූ බව ජුලී චන්ග් මහත්මිය පැවසුවාය.එවිට සමාජ මාධ්‍ය සහ කටකතා මාර්ගයෙන් සැරිසරන අසත්‍ය තොරතුරු වලින් ඈත් වීමට අවස්ථාව ලැබෙන බව ජුලී මහත්මිය ප්‍රකාශ කළාය.
අතීතයේ සිට ජනතා විමුක්ති පෙරමුණ සමඟ මතභේදාත්මක තත්ත්වයන් හට ගත්තද ඇමෙරිකා එක්සත් ජනපදයේ නියෝජිතයෙක් ලෙස නොව පුද්ගලයෙක් වශයෙන් අනුර කුමාර දිසානායක මහතා හමුවීම යුතුකමක් ලෙස හැඟුණු බව තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.
එම හමුවේදී ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකාවට අවශ්‍ය දේශපාලන පක්ෂයක් ලෙස හැඟුණු බවත් ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ මතවාද සමාජ ගත කරන බවත් ප්‍රකාශ කළ ඇය මෙය ඇමෙරිකා එක්සත් ජනපදයේ මතය නොවන බවත් තමන්ගේ පුද්ගලික මතය බවත් පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලන්ගේ ආණ්ඩුක්‍රමය කුමක්ද කියලා කියන්නේ නැහැ.. දෑකැත්තයි, මිටියයි ලාංඡනයට දාගෙන ප්‍රගතිශීලි ආණ්ඩුවක් කරනවලු... ලංකාව පිහිටා තිබෙන ස්ථානය ඔබලාට බොහොම වැදගත්. මෙරට කොමියුනිස්ට් වෙන්න දෙන්න එපා. කෙලින්ම හමුදාව ගොඩ බස්සන්න. අපේ මොරාල් සපෝට් එක ලැබෙනවා.
බලාගෙන, මේ අයගේ අතීත හැසිරීම එතරම් හොඳ නැහැ.
දැන්ම හමුදා ආණ්ඩුවක් පිහිටවනු... තුවාලය ඔඩුදුවලා ඉවරයි. ලංකාව අත්, කකුල් නැති කඳ විතරක් තියන කෙනෙක් දැන්...
බටහිර අධිරාජ්‍යවාදීන්... මොවුන්ට රැවටෙන්නද අපි..? වාමාංශික ශ්‍රේෂ්ඨ ව්‍යාපාරය.
ඇමරිකාවට තේරුම් ගියත් ලංකාවෙ තවම බත් කන හරක්ට නෝතේතේරේ
ජවිපෙට දැන් සහතික දෙන්නේ ඇමරිකාව! සුවච කීකරැකමේ තරම තමයි.
අනුර කුමාරගෙන් ඇමෙරිකාවටත් මේ ලෙඩේ බෝකරන්න බැරිද? මූව එතකොට නඩේ පිටින්ම එහෙට යවන්න පුළුවන්, අපට නිදහසේ රට ගොඩගන්න. කාලකණ්නි හිපාටුවා. ඌ බැන්දේ උගේ අම්මාගේ නංගි කියලත් සාකච්ජාවේදි කිව්වද නෝනේ...
2015 රෙජිම් චේන්ජ් එකට සල්ලි දුන්න ඒව, බැරැක් ඔබාම එලි කරානෙ..මියන්මාරය, ශ්‍රී ලංකාව ඇතුලු රටවල් පහක රෙජීම් චේන්ජ් සඳහා ඩොලර් මිලියන 800 ක් වියදම් කරා කියලා..ඒකෙන් පස්සෙ ඒකට සහභාගි වූ පිරිමි නර්ස්තුමා වගේ කට්ටිය කෝටිප්තියො වුනා..ඒත් ඒ චේජ් එකට තීරණාත්මකව සහභාගි වූ ජේ.වී.පී. එක සල්ලි එකපාරට එලියට දැම්මෙ නෑ..ඒගොල්ලො මළ ගෙවල් වල ගියාම, රැස්වීම් වලට ගියාම වාහන වලට් පෙට්‍රෝල් ගහන්න එක එක්කෙනා සල්ලි දෙන විදියට තමයි ඒ ඇමරිකන් සල්ලි එලියට දැම්මෙ..දැන් මේ නෝනාගෙ මේ ඇමරිකන් බබල් අත ඔන්න එලියට පැන්න..ඕක තමයි නෝන ඕගොල්ලො 1973 චිලී රටට කරේ, නිකරගුවාවට කරේ, පැනමාවට කරේ, යුක්‍රේනෙට කරේ, දැන් ලංකාවට කරන්නෙ..ඇමරිකන් බළල් අත එලියට පනිනව, නැත්තන් ජේ.වී.පී එක කරයි අරගල ..
අනුර කියන්නේ ජවිපෙ එකේ තිබ්බ සියලුම හොඳ දේවල් නැති කරලා දාලා තව එක පක්ෂයක් විතරක් කරපු කෙනා...
මෙම තානාපතිනියට කුමක් හෝ ඉනාවක් අනුභව වී ඇති සෙයකි. ඇය නිතරම මෙරට අයට විවිධ අණ නිකුත් කරන්නේ මින් පෙර කිසිම ඇමරිකානු තානාපතිවරයකු නොකළ අන්දමටය. කෙසේ වෙතත්, මෙරට සිරි නරඹා නොබෝ කලකින් නැවත සිය රට වෙත යාමට මාර්ගය සකස් කරමින් සිටිනා බවක් හැඟේ.
සමාජ අසාධාරණය, දූෂණය අල්ලස හොරකම ඥාති සංග්‍රහ මේ හැම දෙයක්ම ප්‍රධාන පක්ෂ පොහොට්ටු ශ්‍රී ලංකා රනිල් සජිත් උරුම කරගත් අය. ඒවා රටට හෙළි කරන විට ජ.වි පෙ ට ගහන්න යොදාගන්නා හොඳම අවිය තමයි කුහක කම ඊර්ෂ්‍යාව කියලා හංවඩු ගසන එක. මෙක සමාජ ගත කර ඇති නිසා ජවිපෙ වෙනුවෙන් කතා කරන්න සමහරු අකැමැති. උන්ගේ අඩු පාඩු කම් තිබුනත් පාට්ටා හොරුන්ට වඩා හොද යි
මේ රටට අද අවශ්‍ය මෙවැනි පිරිසක් අපි අවුරුදු 74 තිස්සෙ බලය දුන්නෙ පක්ෂ 2 කට , රට විනාශවුනා රට කරපු අය කෝටිපතියො වුනා. දැන් ඉතිරිවෙලා ඉන්නෙ JVP විතරයි, ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය වැලදගෙන දැන් අවුරුදු 30 වෙනව ඔවුන්ට කිසිම භිෂන චොදනාවක් නෑ. අද ලංකාවෙ විනය ගරුක පක්ෂයක් ලෙස කටයුතු කරන්නෙ ඔවුන් විතරයි. මෙයට උදාහරන ඔන තරම් දෙන්න පුලුවන් . අපි JVP භිෂනය දැකපු අත් විදපු මිනිසුන්. ඒත් අපි දැන් හිතනව ඔවුන්ට මෙරට පාලනයට අවස්ථාවක් දිය යුතුයි කියල. ඔවුන් අසමත් උනොත් ඔවුන් එලවා දමන්න අපි පෙල ගැහෙන බවත් කිව යුතුයි
අරගලය මෙහෙයවන්නේ jvp ය. jvp මෙහෙය වන්නේ ඇමෙරිකාව. දැන් නම් හොදටම පැහැදිලියි.
74 වසරක සාපයෙන් වැටුනු රට ගොඩ ගන්න පුළුවන් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට බව ජනතාව තේරුම් ගනිමින් වේගයෙන් ඔවුන් වෙත ඇදී එමින් පවතී.
ආව්! ආව්! දැන් ඇමරිකාව ශෝක්ද?