IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජ.වි.පෙ. විරෝධයකට ඉල්ලූ වාරණය ඉවතට

(රෝෂන් තුෂාර)

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයට සම්බන්ධ රජයේ සංවර්ධන නිලධාරි සේවා සංගමය ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් කොළඹ විද්‍යාමාවත "ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය" ඉදිරිපිට  අද (13) දහවල්  සංවිධානය කර ඇති විරෝධතාවය හා උද්ඝෝෂණය වළක්වන වාරණ ආඥාවක් නිකුත් කරන ලෙස කුරුඳුවත්තවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රතික්ෂේප කළේය.

රාජ්‍ය සේවකයින්ගේ සහන කප්පාදු කිරීමට විරෝධතාවය පළකිරීම හා  ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය හා උද්ඝෝෂණය සිදුකිරීමට නියමිත බවත්,එමගින් කොළඹ අවට විද්‍යා මාවත ඇතුළු ප්‍රධාන මාර්ගයන් හී ජනතාවට සිදුවන බාධාවන් වැළැක්වීම සඳහා  උද්ඝෝෂණය වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීම මෙසේ ප්‍රතික්ෂේප කෙරිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය මගින් යටපත් කළ නොහැකි බවට සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
අදහස් ප්‍රකාශ කිරීම පුද්ගලයින්ට අනන්‍ය වූ අයිතියක් බවට පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා වාරණාඥාවක් නිකුත් කිරීමට තරම් හදිසි අවශ්‍යතාවක් ඇති බවට පොලිසිය කරුණු ඉදිරිපත් කර නොමැති බවද සඳහන් කළේය. මෙම උද්ඝෝෂණය මගින් රාජ්‍ය ආරක්ෂාවට, සෞඛ්‍යයට හෝ අන්‍ය අයිතීන් උල්ලංඝනය වන බවට කරුණු ඉදිරිපත් වී නොමැති බවද බවද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය . 



අදහස් (2)

ජ.වි.පෙ. විරෝධයකට ඉල්ලූ වාරණය ඉවතට

සෙනෙවිරත්න Tuesday, 13 February 2024 12:16 PM

ජයවේවා, රනිල් රාජපක්ෂ හොර නඩයට එරෙහිවන සැමටම.

:       0       0

Bamunuarachchi Wednesday, 14 February 2024 02:42 AM

නොකිය කියන්නේ ගහපිය වතුර කියලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site