IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජෝ බයිඩන් මෙඩිකල් පාස්

ඇමෙරිකන් ජනාධිපති, ජෝ බයිඩන්, සිය වාර්ෂික වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටියේය. 81 හැවිරිදි බයිඩන්ගේ, ශරීර සෞඛ්‍යය, ඔහුගේ වයසට අනුව, යහපත් බවත්, ඔහුට දිගටම ජනාධිපති ධුරයේ රැඳී සිටීමට ගැටලු කිසිවක් නොමැති බවත් වෛද්‍ය පරීක්ෂණයේ දී අනාවරණය විය.

වයසත් සමඟ බයිඩන් මුහුණ දෙන ශාරීරික දුර්වලතාවලට ඔහු නොකඩවා ඖෂධ ලබා ගන්නා බව ද වෛද්‍ය පරීක්ෂණයේ දී අවධානයට ලක් විය. වොෂින්ටන් වෝල්ටර් රීඞ් වෛද්‍ය මධ්‍යස්ථානයේදී, වෛද්‍ය පරීක්ෂණය සිදු කළේ ධවල මන්දිර වෛද්‍යවරයාගේ මැදිහත් වීමෙනි.

අවුරුදු 81 ක් වුවත්, තමන් තරුණයකු මෙන් නිරෝගීව සිටිනවා යැයි වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් කරමින් වෝල්ටර් රීඞ් දෛ්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් තමන්ට විහිළු කළ බව ද බයිඩන් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

වාර්ෂිකව ඇමෙරිකන් ජනාධිපතිවරයා කායික සහ මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම ඇමෙරිකාවේ සම්ප්‍රදායයි. බයිඩන්, එලැඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. ඒ දෙවැනි ධුර කාලය වෙනුවෙනි.

ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වුණු වයස්ගතම ජනාධිපතිවරයා වන්නේ ද බයිඩන්ය. බයිඩන්ට අභියෝගයක් වනු ඇත්තේ ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක 77 හැවිරිදි ඩොනල්ඞ් ට්‍රම්ප්ය.

(ඒ.එෆ්.පී.)

 



අදහස් (0)

ජෝ බයිඩන් මෙඩිකල් පාස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site