
මොළයේ පිළිකාවකින් රෝගී වූ කුඩා දරුවකුගේ පොලිස් නිලධාරියකු වීමේ සිහිනය සැබෑ කර දීමට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් විය.
ඩී.ජේ. නමැති 13 හැවිරිදි එම දරුවාට ජීවත් වීමට ඇත්තේ තව මාස 5 ක් යැයි වෛද්‍යවරුන් පවසා ඇත. ඩී.ජේ. පිළිකා රෝගියකු බව හඳුනා ගැනීම සිදුවී ඇත්තේ 2018 දීය.
ට්‍රම්ප් කොංග්‍රසය (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) අමතද්දී, ට්‍රම්ප්ගේ ඇරැයුමකට අනුව, ආරාධිතයන් ලෙස කීප දෙනකු පැමිණ සිටි අතර, ඩී.ජේ. සහ ඔහුගේ පියා ඒ අතර වූහ.
කොංග්‍රසය අමතමින් සිටියදී ජනාධිපති ට්‍රම්ප්, රැස්ව සිටි සියලු දෙනාට ඩී.ජේ. හඳුන්වා දෙමින් කියා සිටියේ, තමන් ‘ඩී.ජේ.’ සීක්‍රට් සර්විස් ආරක්ෂක අංශ නිලධාරියකු ලෙස නම් කරන බවය.
‘සීක්‍රට් සර්විස්’ යනු ඇමෙරිකන් ජනාධිපති ආරක්ෂක අංශයයි. මෙය ඩී.ජේ. ගේ මවිතයට හේතුවක් විය.
“ඩී.ජේ. මම දන්නවා ඔබ කැමැත්තෙන් ඉන්නේ පොලිස් නිලධාරියෙක් වෙන්න. ඒත් මම ඔබට ඊට වඩා බරපතල රාජකාරියක් පිරිනමන්න කැමතියි. මම ඔබ සීක්‍රට් සර්විස් නිලධාරියකු කරන්නම්. සීක්‍රට් සර්විස් නිලධාරියකුගේ රාජකාරිය පොලිස් නිලධාරියකුගේ රජකාරියට වඩා බැරෑරුම් යැයි ට්‍රම්ප් පැවැසුවේ කුඩා දරුවා ඇගයීමකට ද ලක් කරමිණි. සීක්‍රට් සර්විස් නිලධාරීන් භාවිතයට ගන්නා හැඳුනුම්පතක් ද ජේ.ඩී.ට හිමිවිය.
එම අවස්ථාවේ, ඩී.ජේ. වඩා ගෙන ඉහළට ඔසවා ගත් ඩී.ජේ. ගේ පියා ඔල්වරසන් නැගුවේය. වෛද්‍යවරුන්ට අනුව, ඩී.ජේ. ගේ මොළයේ පිළිකා රෝගී තත්ත්වය මේ වනවිට උත්සන්න වී ඇති අතර, ඔහුට ජීවත්වීමට තව ඇත්තේ මාස පහක කාලයක් පමණි.
ඩී.ජේ. ජනාධිපති ආරක්ෂක අංශය හෙවත්, ‘සීක්‍රට් සර්විස්’ අංශයේ සාමාජිකයකු බවට පත් කිරීමට, ට්‍රම්ප් උපදෙස් දුන්නේ ‘සීක්‍රට් සර්විස්’ ප්‍රධානියා ලෙස කටයුතු කරන ෂෝන් කරන් ටය.
පසුගිය මැතිවරණ සමයේ, ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස පෙන්සිල්වේනියා ජන රැලියක් අමතද්දී, වෙඩි ප්‍රහාරකට ලක්වුණු අතර, ට්‍රම්ප් අනූ නවයෙන් දිවි බේරා ගත්තේය.
එම අවස්ථාවේ, ට්‍රම්ප් බදා ගෙන, වෙඩික්කරුගෙන් ට්‍රම්ප් ආරක්ෂා කළ එක් සීක්‍රට් සර්විස් ආරක්ෂක නිලධාරියකු වූයේ ෂෝන් කරන් ය.
ජනපති ධුරයට පත් වීමෙන් පසු සීක්‍රට් සර්විස් ප්‍රධානියා ලෙස ෂෝන් කරන්ගේ නම යෝජනා කළ අතර, ඊට ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
2025 නොවැම්බර් මස 04
793
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2447
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජේ.ඩීගේ සිහිනය සැබෑ කළ ට්‍රම්ප්