(යොහාන් භාසුර)
ජාතික ජනබලවේගය ප්‍රධාන අභියෝග දෙකකට මුහුණ දී සිටින බවත් ඉන් පළමු වැන්න බලය ලබාගැනීම ද, දෙවැන්න බලය ලබාගත් පසුව රට ගොඩනැගීම බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කොළඹ දිස්ත්‍රික් සමුළුවේදී අනුර කුමාර දිසානායක මහතා එසේ පැවසීය.
එහිදී අනුර කුමාර දිසානායක මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“අභියෝග දෙකක් වුවත් බලය ලබාගැනීමේ මාවතේම තමයි රට ගොඩනැගීමේ මාවත තිබෙන්නේත්. පසුගිය කාලවල අපේ රටේ බලය ලබා ගැනීම සඳහා එක මාවතකුත් රට ගොඩනැගීම සඳහා තව මාවතකුත් තෝරාගත්තා. සාමාන්‍යයෙන් අපේ රටේ ආණ්ඩු මාරුවුණේ අනෙකාට එරෙහිවයි. 2005 ආණ්ඩුව උතුරේ දෙමළ ජනතාවට එරෙහිව ගොඩනැඟුණා. 2010 යුද ජයග්‍රහණය, අනෙකාට එරෙහිවත්, 2019 මුස්ලිම් ජනතාවට එරෙහිව ගොඩනැගුණා. නමුත් එය සාර්ථක මාවතක් නොවේ. ජනතාව සියල්ලන්ම සමගිකර ගන්නා මාවතකින් මේ රට පරිවර්තනයට ලක්කරන්න ඕනෑ.
අපි ජනතාව සංවිධානය කරන විට අභියෝගයට මුහුණ දෙන තැන් දෙකක් තිබෙනවා. එකක් තමයි ග්‍රාමීය වශයෙන් පතුලේම ජීවත් වෙන ජනතාව. අනෙක් අයගේ රැස්වීම්වල එවැනි අයගේ නියෝජනය තරමක් වැඩි බව පේනවා.
ඔවුන් අසරණභාවයට පත්කරලා, ආර්ථික වශයෙන් බිඳවැටීමකට ලක්කරලා, ඔවුන්ට දරුවාට පොත්, නැතිනම් සුපර් මාර්කට් එකෙන් බඩු මිලදී ගන්න කූපන් එකක් දෙන්න පොරොන්දු වෙමින් මේ කැඳවීම් කරනවා” යැයි ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසැක වශයෙන්ම ඊළඟ මැතිවරණයේදී ජනතාව මාලිමාව ජයග්‍රහණය කරවනවා...!
මාලිමාවට ජය...!
ජාතික ජන බලවේගයේ ජයග්‍රහනය ස්ථිරයි..
මම දකින ජාජාබයට තියෙන අභියෝග දෙක වන්නේ ඉදිරියේදී අනෙකුත් දේශපාලන පක්ෂ තම ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කළ පසු බොරුවෙන් සකස් කරගත් ජන බලවේගය පිරිහීගෙන යනකොට සුපුරුදු ප්‍රචණ්ඩත්වයට තමයි පාක්ෂිකයින් යෑම වළක්වා ගැනීමත් අහඹුවකින් හෝ බලය ලැබුණොත් මාස හයක්වත් තම පාලනය කරන්න යෑමයි...
බලය ලබාගැනීම නම් අතීතයේ කරපු විදියට කාට හරි මුක්කුවක් ගහලා බැරියෑ. ඒත් කවදාවත් රැකියාවක් ව්‍යාපාරයක් කරලා නැතිව රට සංවර්ධනය නම් අමාරුයි නේද? ඒකටත් ඉතින් මොනවා හරි කියමු කට උල්කරලා අර ඉන්දියාවට ගිහින් ඇවිත් කළා වගේ, හරිද...?
2005 ආණ්ඩුව බිහිවුණේ ත්‍රස්තවාදයට එරෙහිව මිස දෙමළ ජනතාවට විරුද්ධව නොවේ.
මෙවැනි කතා ඕනෑතරම් ඉතිහාසය පුරාම අපි ඇහුවා. ඒ කියපු මිනිස්සු බලයටත් ආව. ඒත් කිව්ව දේවල් කළේ නෑ. කතාවට සහ විවේචනයට jvp එක උපන් හපන්නු. ඒත් ක්‍රියාව කතාවට වඩා හාත්පසින්ම වෙනස්... ජාතික ආදායමෙන් 90% වඩා ගත් ණයට පොලිය ගෙවන රටක් මේක... මේ කියන දේවල් කොතෙක් දුරට ප්‍රායෝගිකද? ඒවා කළහැකි පිරිසක් අනුර කුමාර වටා නෑ. 88,89 අපිට අද වගේ මතකයි. කොහොමද විශ්වාස කරන්නේ? දැන් මේක කිව්වාම jvp මිනිස්සු මට බනී. ඒත් යථාර්ථය ඒක නේද? ගෝඨාභය ගැන කිව්වේත් යුද්ධය දිනපු, නගර සංවර්ධනය කරපු වුර්තීය වැඩ්ඩෙක් කියලා. අද වගේම රැස්වීම්වල එයාට සෙනඟ හිටියා. ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ්ට සමාන කළේ. දින්නාම තාප්පවල චිත්‍ර ඇන්දා.... ඒත් අන්තිමට රටම කෑවා. අනුන්ගේ අදහස් දැඩිව හෙලා දකින, තමන් විතරක් හරි කියන මිනිස්සු ඉන්නේ මෙයාලාගේ. මේ නිසා මෙය සිය වාරයක් සිතා බැලිය යුතුයි. නිරුවත් උඩුකය සහිත කාන්තා පෙලපාලි, ගණිකා වෘත්තිය නීතිගත කිරීමත් මෙයාලාගේ ප්‍රතිපත්ති... වේදිකාවක මිනිස්සුන්ගේ චියර් එකට කියන කතාවලට වඩා රටක් පාලනය කිරීම වෙනස්...!
ඔව්, අනුරට මුකුත්ම නෑ කියමු. ඒත් ඔහුට එකතුවෙලා ඉන්න දොස්තර, ඉංජිනේරු, නීතීඥ, අධිනීතිඥ, ආචාර්ය, මහාචාර්ය, කර්නල්, මේජර් රොත්තට අනිත් කිසිම පක්ෂයකට නැති ගැම්මක් තියෙනවා නේද? ඒ සම්බන්ධ වූ අය ස්වෙච්ඡාවෙන් වැඩ කරන අය... රට ගොඩගන්න. ඒ නිසා බිය නොවන්න...!
තරහ නොවී ලොකු වැඩ කතා නොකර දිනලා ඉන්න.. වෙබ් පිටුවට ජනපති නොවී සැබෑ ජනපති වෙන විදියට කටයුතුවල යෙදෙන්න..
දෙක නෙමේ තුනයි. ඒක තමයි අර සෝමවංශ අමරසිංහට මෙයා කළදේම මෙයාටත් තව කවුරු හරි කරන එක...!