IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජා.ජ.බට එරෙහි මෝසමට දින දෙයි

(රන්ජන් කටුගම්පොළ)

ජාතික ජන බලවේගය ලියාපදිංචිය නීතියට පටහැනි බව සඳහන් කරමින් විනිවිද පෙරමුණේ මහ ලේකම් නීතිඥ නාගහකන්ද කොඩිතුවක්කු මහතා ගොනුකර තිබූ මෝසම මාර්තු 4 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

නව මැතිවරණ කොමසාරිස්වරුන්ගේ නම් වග උත්තරකරුවන් ලෙස ඇතුළත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ලැබිණ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, අර්ජුන ඔබේසේකර සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම මෝසම සලකා බැලින.

මෙම මෝසමේ වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

ජනතා විමුක්ති පෙරමුණ යටතේ තිබෙන ජාතික ජන බලවේගය වෙනම පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම නීතියට පටහැනි බව සඳහන් කරමින් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥ නාගහකන්ද කොඩිතුවක්කු මහතා විසින් මෙම මෝසම ගොනු කරනු ලැබ ඇත.



අදහස් (5)

ජා.ජ.බට එරෙහි මෝසමට දින දෙයි

මැක්ස් Wednesday, 21 February 2024 04:41 PM

ලංකාවේ ඉපිද, අධ්‍යාපනය ලබා දැන් ඕස්ට්‍රේලියාවේ පදිංචිය ලබාගෙන ශ්‍රී ලංකාව දියුණු කිරීමට කටමැත දොඩන මිනිසුන්ගේ වීරයා නේද මේ කොඩිතුවක්කු මහත්තයා? එයාලා එතුමාට සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයකුත් එකතු කරලා දුන්නා පහුගිය කාලේ රටේ ජනාධිපති වෙන්න කියලා. එතුමා දැන් ජාජබයේ නීත්‍යනුකු භාවය ප්‍රශ්න කරන්නේ ඒ ලබා ගත් මුදල්වලින්ද?

:       8       64

Prabha Wednesday, 21 February 2024 06:33 PM

නාගානන්ද කවුරු වෙනුවෙන්ද මේ කොන්ත්‍රාත් එක බාරගෙන තියෙන්නේ?

:       7       59

විපරමා Wednesday, 21 February 2024 07:38 PM

නාගා කියන්නේ කුහක අදහස් තියෙන ජාතික ජනබලවේගය සමග වයිරයෙන් ඉන්න කෙනෙක්.

:       0       0

sumanasiri Thursday, 22 February 2024 10:51 AM

නාගගේ නඩු එයාටම පමණයි... පසුගිය කාලේ මෙයා නඩු බර ගාණක් දැම්ම ඔක්කෝම කැලේ, මිනිහාට ප්‍රශ්නයක් තිබෙනවා. ඒක තමයි ඔය ප්‍රදර්ශනය වෙන්නේ...!

:       0       0

Lelwala Thursday, 22 February 2024 11:52 AM

හොද පිටකොන්දක් තියෙන මහත්මයෙක්. මුහුණු පොතේ ජනාධිපති දැනටමත් බයවෙලා ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site