
(විමුක්ති එස් රුද්‍රිගු)
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා සහ නවසීලන්ත විදේශ කටයුතු,පළාත් පාලන අමාත්‍ය නනායා මහුටා මහත්මිය අතර හමුවක් රුවන්ඩාවේ කිගාලි නුවරදී ඊයේ (22) පැවැත්විණ.
එහිදී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මේ වන විට කොළඹ දී පැවැත්වෙන මාණ්ඩලික මට්ටමේ සාකච්ඡා පිළිබඳව මෙන්ම ආහාර,ඉන්ධන සහ ඖෂධ සැපයීම සම්බන්ධයෙන් ද්වී පාර්ශ්වික පරිත්‍යාගශීලින්ගෙන් මෙන්ම බහු පාර්ශ්වික ආයතන වලින් මෙරටට ලැබෙන සහයෝගය පිළිබඳවද නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍යවරිය දැනුවත් කර ඇති බව පැවැසෙයි.
එම හමුවේදී නවසීලන්ත විදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍ය නනායා මහුටා මහත්මිය ශ්‍රී ලංකාවට නවසීලන්තයෙන් සහ පොදු රාජ්‍ය මණ්ඩලයෙන් සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් පවත්නා හැකියාව සොයා බැලීමට එකඟත්වය පළ කළ බව විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වයසක අය වලපල්ලට යනකන් මේ රටට හොඳක් කරන්න වෙන්නේ නැහැ.