IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජී. එල්. පීරිස් ඇතුළු පිරිස පොහොට්ටුවෙන් ඉවත් කරනවා

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස් මහතා ඇතුළු පක්‍ෂය හැර ගිය සියලු දෙනා පක්‍ෂයෙන් ඉවත් කරන බවත් ඒ සඳහා නීතිමය කටයුතු කරමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (2) පැවසීය.

සභාපති ජී. එල්. පීරිස් මහතා පක්‍ෂය හැරදා ගිය ද කිසිඳු අඩුවක් වී නොමැති බව කී සාගර කාරියවසම් මහතා එවැනි අඩුවක් නොපෙණෙන බව ද සඳහන් කළේය.

එම පෙරමුණ හැරදාගිය පිරිසක් නිර්මාණය කළ ‘හෙලිකොප්ටරය’ ලකුණ සහිත කණ්ඩායම නෙළුම් මාවත හෝ මැඳමුලනට කඩාවැටේ යැයි විශ්වාස කරන බව ද කාරියවසම් මහතා වැඩි දුරටත් සදඟන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ සංවිධාන කටයුතු පිළිබඳව නෙළුම් මාවත එම පක්‍ෂ කාර්යාලයේදී අද (2) පැවැති සාකච්ඡාවකින් පසුව නීතිඥා සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.  



අදහස් (5)

ජී. එල්. පීරිස් ඇතුළු පිරිස පොහොට්ටුවෙන් ඉවත් කරනවා

C.K.Lankaputhra. Friday, 03 February 2023 07:25 AM

මෙයාගෙ බයිලා අහලම හැති වැටිලා.

:       0       3

ranjith Friday, 03 February 2023 07:52 AM

තව කීප දෙනානේ ඉන්නේ ජනතාව නම් පොහොට්ටුවෙන් ඉවත් වෙලා

:       0       2

Sunil Friday, 03 February 2023 08:23 AM

හැකි ඉක්මනින් මෙම ක්‍රියා මාර්ගය ගන්න .මක්නිසාද යත් නුදුරේදීම ලක් ජනතාව පොහොට්ටුව මේ රටෙන්ම අතුගා දමන නිසාය

:       0       3

sharm warn Friday, 03 February 2023 09:18 AM

ඔව් ඔව් .වහාම ඉවත් කරන්න .අන්තිමේ ඔය ගොබ්බ පක්ෂයට ඉතුරු වෙන්නේ මොළ එකක් වත් නැති හොරෙකුයි තමුනුයි විතරයි .අඩු ගානේ මහින්ද වත් නැති වෙයි

:       0       3

Kariyakarawana Friday, 03 February 2023 12:48 PM

අනේ ඔබතුමාලගේ මහාලොකු පොහොට්ටුව කරපුහැරිය මදැයි. පොහොට්ටුවේ අන්තිම දින කීපය ගෙවීගෙන යන්නේ. සභාපතිටත් එපාවෙච්ච පක්ෂයක්‌ නේ මහත්තයෝ ඕක. සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද. ඔබතුමාගේ අධික අහංකාර,මාන්නය තමයි මේවට හේතුව. මහින්දලාගේ පවර් අරගෙන දඟලනවා ඔබතුමා. මෝඩයෝ ටිකකුයි, හොරු ටිකකුයි ඉතුරුවෙයි අවසාන කාලේ. ඕවා ගැන වැඩිය ප්‍රසිද්ධ කරන්න එපා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site