(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස් මහතා ඇතුළු පක්‍ෂය හැර ගිය සියලු දෙනා පක්‍ෂයෙන් ඉවත් කරන බවත් ඒ සඳහා නීතිමය කටයුතු කරමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (2) පැවසීය.
සභාපති ජී. එල්. පීරිස් මහතා පක්‍ෂය හැරදා ගිය ද කිසිඳු අඩුවක් වී නොමැති බව කී සාගර කාරියවසම් මහතා එවැනි අඩුවක් නොපෙණෙන බව ද සඳහන් කළේය.
එම පෙරමුණ හැරදාගිය පිරිසක් නිර්මාණය කළ ‘හෙලිකොප්ටරය’ ලකුණ සහිත කණ්ඩායම නෙළුම් මාවත හෝ මැඳමුලනට කඩාවැටේ යැයි විශ්වාස කරන බව ද කාරියවසම් මහතා වැඩි දුරටත් සදඟන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ සංවිධාන කටයුතු පිළිබඳව නෙළුම් මාවත එම පක්‍ෂ කාර්යාලයේදී අද (2) පැවැති සාකච්ඡාවකින් පසුව නීතිඥා සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගෙ බයිලා අහලම හැති වැටිලා.
තව කීප දෙනානේ ඉන්නේ ජනතාව නම් පොහොට්ටුවෙන් ඉවත් වෙලා
හැකි ඉක්මනින් මෙම ක්‍රියා මාර්ගය ගන්න .මක්නිසාද යත් නුදුරේදීම ලක් ජනතාව පොහොට්ටුව මේ රටෙන්ම අතුගා දමන නිසාය
ඔව් ඔව් .වහාම ඉවත් කරන්න .අන්තිමේ ඔය ගොබ්බ පක්ෂයට ඉතුරු වෙන්නේ මොළ එකක් වත් නැති හොරෙකුයි තමුනුයි විතරයි .අඩු ගානේ මහින්ද වත් නැති වෙයි
අනේ ඔබතුමාලගේ මහාලොකු පොහොට්ටුව කරපුහැරිය මදැයි. පොහොට්ටුවේ අන්තිම දින කීපය ගෙවීගෙන යන්නේ. සභාපතිටත් එපාවෙච්ච පක්ෂයක් නේ මහත්තයෝ ඕක. සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද. ඔබතුමාගේ අධික අහංකාර,මාන්නය තමයි මේවට හේතුව. මහින්දලාගේ පවර් අරගෙන දඟලනවා ඔබතුමා. මෝඩයෝ ටිකකුයි, හොරු ටිකකුයි ඉතුරුවෙයි අවසාන කාලේ. ඕවා ගැන වැඩිය ප්‍රසිද්ධ කරන්න එපා.