(ඩයනා උදයංගනී)
හැකිනම් තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපතිධූරයෙන් ඉවත් කර පෙන්වන්නැයි අභියෝගයක් කරන බව නිදහස ජාතික සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
එම පක්‍ෂය තවමත් එසේ නොකරන්නේ නීත්‍යානුකූලව එය කළ නොහැකි බව දන්නා නිසා යැයි ද හෙතෙම සඳහන් කළේය.
මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ නිදහස ජාතික සභාව මගින් පාර්ලිමේන්තුව අසලදී අද (21) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම හිත තියෙන්නේ පොහොට්ටුවේ වෙන්ඩැති. එහෙට මෙහෙට පැන පැන බලයේ හිටියා. ඇමැතිකමක් නොලැබුණු එකත් අවුලක් වගේ? මහාචාර්යතුමා දන්නවා ඔය යනඑන මන් නැති නිදහස් සභාව එක්ක එකතු වුණාට වැඩක් නැහැ කියලා...
ඔබලා ඔක්කොම අතුගාලා දාන්න තමයි අපි බලන් ඉන්නේ...!
අපෝ අපිට ඔයා ඔය පොහොට්ටුවේ හිටියත් එකයි. නැතත් එකයි. ඕවා හදන කාලේ ඔයා රඟපු හැටි අපි නොදන්නවැයි. අනේ සීයේ නහින දෙහින කාලයට ළං වෙලා ඉන්න එකේ ඕවා අත්හැරලා, තමන්ගේ ආගමක් අදහාගෙන පිනක් දහමක් කරගන්න. නැත්නම් ඉතිං සොරිම තමයි...