
(රංජන් කස්තුරි)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පත්ව සිටියි.
2011 වසරේ සිට වසර 10ක කාලයක් අඛණ්ඩව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මෙවර එම ධූරයට තරඟ නොකිරීම විශේෂත්වයකි.
උප සභාපතිවරු ලෙස විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහත්වරු පත් වූහ.
ලේකම වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පත් වූ අතර උප ලේකම්වරු වෛද්‍ය කාංචන බුලන්කුලම, වෛද්‍ය අජන්ත රාජකරුණා, වෛද්‍ය පාලිත රාජපක්ෂ, වෛද්‍ය ප්‍රභාත් සුගතදාස යන මහත්වරු පත් වූහ.
භාණ්ඩාගාරික ලෙස වෛද්‍ය කමල් කොඩිකාර මහතා තේරී පත්විය.
සංස්කාරක වෛද්‍ය චන්දන ධර්මරත්න සහ උප සංස්කාරක වෛද්‍ය චමිල් විජේසිංහ මහත්වරු තෝරී පත් වූහ.
නව මධ්‍යම කාරක කමිටුවට වෛද්‍ය සුහයිල් අහමඩ, වෛද්‍ය මොහොමඩ් අනාස වෛද්‍ය ප්‍රසාද් හේරත්, වෛද්‍ය චනිත් පේදුරුආරච්චිගේ, වෛද්‍ය ගාන්දීපන් තංගරාජා, වෛද්‍ය ඉන්දික හේරත් ,වෛද්‍ය රුවන් ජයසූරිය, වෛද්‍ය චාරුණි කොහොඹන්ගේ, වෛද්‍ය වසන්ත කුමාර වෛද්‍ය නිරෝෂණ ලියනගේ, වෛද්‍ය රගීෂ් මදුසංඛ, වෛද්‍ය ඉන්දික නිරෝෂන්, වෛද්‍ය උදාන පානදුරගේ, වෛද්‍ය දිමුත් පොන්වීර, වෛද්‍ය ජගත් රෝෂාන්, වෛද්‍ය චන්දික සනත්, වෛද්‍ය නිලන්ත සංජිව, වෛද්‍ය ලක්ෂ්මන් සේනාධීර, වෛද්‍ය තේජන සෝමතිලක, වෛද්‍ය තනිගවාසන් රන්තසිංගම්, වෛද්‍ය චාමර වර්ණසූරිය, වෛද්‍ය තෙනුවන් වික්‍රමසිංහ, වෛද්‍ය හේෂාන් විදානපතිරණ, වෛද්‍ය නාත් විජේසුරිය සහ වෛද්‍ය දර්ශන විජේතුංග මහත්වරු තේරී පත් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්න දේ විතරක් කතාකරලා එක එක දේසපාලුවන්ට කඩේ යන්නැතුව ඉන්නවනං හොඳටම ඇති
නව නිලධාරි මණ්ඩලය රාජපක්ෂවරුන්ට කඩේයාම ගැන කිසිඳු සඳහනක් කර නැත...
අපොයි අපොයි අර පස් හැදෙන හැටි දන්න කෙනාට මෙකද උනේ. බේරෙ වැවේ නාන්නද? නැත්තම් කඩේ ගිහිල්ල පෝලිමේ හිරවෙලාද?
GMOA යන සෞඛ්‍ය සේවයේ මාෆියාවකි. සියලු රජයේ රෝහල් පෞද්ගලීකරණය කර අඩු ආදායම් ලාභීන්ට නොමිලේ වෛද්‍ය රක්ෂණයක් ලබාදෙන්න. මැදි ආදායම් ලාභීන්ට සුළු මුදලක් අයකර සෞඛ්‍ය රක්ෂණයක් ලබාදෙයි. ඉහළ ආදායම් ලාභීන්ට තම මුදලින් රක්ෂණයක් ලබාගැනීම අනිවාර්ය කළ යුතුයි. හදිසි සේවා පමණක් මෙම පෞද්ගලික රෝහල් මගින් නොමිලේ ලබාදීමට කටයුතු කළ යුතුයි. මෙමගින් සෞඛ්‍ය සේවයේ මාෆියාවන් නාස්තියක් දූෂණයක් සියල්ල නවතී.
ගෝඨාභය සර් කරපු එකම එක හොඳ වැඩේ තමයි GMOA එකෙන් දුම්ගහලාවත් එළවගන්න බැරිවුණා. පාදෙණිය මහත්තයාව වාෂ්ප කරලා දාපු එක...
වැඩේ හොඳයි. හැබැයි කාන්තා උදවිය නෑනේ...!