(දයාසීලි ලියනගේ)
දැනට ඉන්දියාව පුරා පැතිරෙමින් පවතින ඔමක්‍රෝන් 2.75 කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීමට ඉඩකඩ ඇති නිසා දැන් සිටම අවශ්‍ය පියවර ගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දි ඇත.
රටේ පවතින ආර්ථික අර්බුදය අස්සේ මෙම රෝගය ව්‍යාප්ත වුවහොත් ජනතාවට ඒ සම්බන්ධයෙන් අවධානයක් දැක්වීමට නොහැකි තත්ත්වයක් පවතින බැවින් අමාත්‍යංශ තාක්ෂණ උපදේශක කමිටුව වහාම රැස්කර අවශ්‍ය පියවර ගන්නා ලෙසට දැනුම් දී ඇතැයි රජයේ වෛද්‍ය නිලදාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
මෙම ප්‍රභේදය දැනට ලංකාවෙන් වාර්තා වී නැතත් කල් ඇතිව සූදානම වැදගත් බව ද වෛද්‍ය අලුත්ගේ මහතා සඳහන් කළේය.
මේ වන විට එන්නත් තුනම ලබාගෙන නැති ජනතාව එන්නත් ලබාගැනීමට පොළඹවන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යංශයට දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
GMOA එකට පුළුවන් අනතුරු අඟවන්න විතරයි. වෙනත් රටවල් එන්නත් හොයාගන්න මහන්සි වෙද්දී මෙයාලට එන්නතක් තියා ගුලියක්වත් හදාගන්න බැරිවුණා. හැබැයි පඩිය නම් වැඩිකරගත්තා.