
(විමුක්ති එස් රුද්‍රිගු)
සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දී සිටින ණය අර්බුදය බරපතල තත්ත්වයක් බවට පත්වෙමින් තිබෙන බවත් ශ්‍රී ලංකාවද දරුණු ණය අර්බුදයකට මුහුණ දී සිටින බවත් ජී20 රටවල නායකයෝ පෙන්වා දෙති.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගැනීම සඳහා ඉකුත් සැප්තැම්බරයේ කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණියත් එම ණය ලබා ගැනීම සඳහා ජපානය, ඉන්දියාව සහ චීනය ඇතුළු ණය හිමියන්ගෙන් මූල්‍ය සහතිකයක් ලබා ගැනීමට සිදුව ඇතැයි සමුළුවට සහභාගිවී සිටින රාජ්‍ය නායකයින් පෙන්වා දී තිබේ.
ජී20 සමුළුවට සහභාගිවී සිටින සාමාජික රටවල නායකයන් සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දී ඇති ණය අර්බුදයේ බරපතලකම පිළිබඳ ඊයේ (15) අවධානය යොමු කර තිබුණි.එහිදී සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය අර්බුදය විසඳා ගැනීම සඳහා පුද්ගලික සහ නිල ණය හිමියන් සහාය ලබා දිය යුතු බව රාජ්‍ය නායකයන්ගේ මතය වී ඇත. ජී20 සමුළුවේ ප්‍රකාශය පිළිබඳ කෙටුම්පත ඊයේ(15) ඉදිරිපත් කෙරින.
මෙවර ජී20 සමුළුව ඉන්දුනීසියාවේ බාලි නුවරදී පැවැත්වේ.
COMMENTS
රටක් කෙටි කාලයක් තුළ බංකොළොත් කරපු නායකයන්ට නිදසුන ලංකාවෙන්ම ගන්න පුළුවන්...!
කාටද ආඩම්බර...? දැන් ලංකාව ලෝකයේ ආදර්ශමත් රටක් බවට පත්වෙලා...!!!
ලංකාවේ ඉන්න කූට ව්‍යාපාර කරලා සල්ලි හම්බකරන බදු නොගෙවා ඉන්න අයගෙන් ටැක්ස් ගන්න ඕනේ..., තිළිණි ළඟට සල්ලි දුන්නේ කළු සල්ලි..., ආණ්ඩුව ඒවා ගැන නෝ කතා, ඔක්කෝම හොරු, දුප්පත් මිනිසුන් ටික තමයි දුක් විඳින්නේ, කොළඹ තරු 05 හෝටල් වල හැමදාම ලක්ෂ ගණන් බිල්ස්, උසස් තේ, කියලා එකක් හදාගෙන ලංකාවේ සල්ලි කාරයෝ සෝබන දානවා. මොවුන් මොලේ උඩ ඉඳන් මේවා කලා දියවැඩියාව, තෙල්, හදවත් ප්‍රශ්න හදාගෙන ඉක්මනට මරු කැඳවා ගන්න බොරු සෝබන... ඔවුන්ගේ ටැක්ස් ගන්න බැරිද?
නන්දසේන සහ නඩය රටට කරපු අපරාදයටනම් මුන්ට හෙන වදිනව