(හර්ෂණ තුෂාර සිල්වා)
රූපවාහිනි හා ගුවන් විදුලි නාලිකාවල ක්‍රියාකාරකම් නිසා නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමකට බාධා එල්ල වුවහොත් මැතිවරණ විධිවිධාන යටතේ ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවත් එහි වගකීම අදාළ සංඛ්‍යාතවල භාරකාරීත්වය හිමි රාජ්‍ය ආයතන සතුවන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (26) පැවැසීය.
රූපවාහිනි හා ගුවන් විදුලි සංඛ්‍යාත මහජනතාව සතු දෙයක් බැවින් මුදල් යෙදූ පමණින් පෞද්ගලික මාධ්‍යවලට සියයට සියයක නිදහසක් හිමි නොවන බව ද මහින්ද දේශප්‍රිය මහතා කීවේය.
කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් උපයාමාර්ගික සහ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන ආයතනයේ පැවැති සංවාදයක් අතරතුරදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම කරුණු සඳහන් කළේය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා මෙසේ ද කීය.
“පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන්, විශේෂයෙන්ම රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා සම්බන්ධයෙන් අපි පියවර ගන්නවා. එම පියවර අපේ විධානවලට ද ඇතුළත් කර තිබෙනවා. රූපවාහිනි හෝ ගුවන් විදුලි නාලිකා විකාශය කරන පුවතක් හෝ යම්කිසි දෙයක් නිසා නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමකට බාධා එල්ල වුණොත් එහි වගකීම එම සංඛ්‍යාතවල භාරකාරීත්වය හිමි රාජ්‍ය ආයතන සතුයි. මොකද රූපවාහිනි හෝ ගුවන් විදුලි සංඛ්‍යාත මහජනතාවට අයිති දෙයක්. එය මහජන දේපළක්. අපිට රාජ්‍ය මාධ්‍ය සෘජුවම පාලනය කරන්න පුළුවන්. එහෙත් සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් එහෙම ක්‍රියා කරන්න බැහැ.
මාධ්‍ය උපමානවලට අනුව ක්රියාකාරීමට වගකිව යුතු මාධ්‍ය ආයතනවලට වගකීමක් සහ යුතුකමක් තිබෙනවා. මානව හිමිකම් කොමිෂන් සභාවටත් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන්න පුළුවන්. මානව හිමිකම් ක්‍රියාකාරිනි සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ නීතිඥ තුසිත් සමරසේකර මහත්මිය සිහිපත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෙම සංවාදය සංවිධානය කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගනී ගනී... එජාපයට ඇරෙන්න.
අප මහජන මුදලින් වැටුප් ලබන " මැකෝ " වෙත මෙසේ යමක් යෝජනා කිරීමට කැමැත්තෙමු. ඔබට නීතිය මගින් පවරා ඇති බලතල අනුව මෙම මහබූරුවා තේරීමේ තරගයට එන සියලුම තරගකරුවන්ට මහජන රැළි පැවැත්වීම තහනම් කර ඒ වෙනුවට සියලුම තරග කරුවන්ට රූපවාහිනි නාලිකා මගින් එක හා සමාන කාලය ලබාදීමක් කළ හැකි නම් එය සියලුම පුරවැසියන්ට ඔබ විසින් කරන මහඟු සේවයක් වනු ඇත. එමගින් මහජන රැලි පැවැත්වීමේදී මහජනතාවට සිදුවෙන අපහසුතා, මාර්ග තදබදය, බුරුවන් නිලමැස්සන් වටකරගෙන එනවිට මාර්ගවල ඇතිවෙන අනේකවිද දුක්ගැහැට, මහජන මුදල් නාස්තිය, ඉන්ධන නාස්තිය වැනි විශාල ධනස්කන්ධයක් ඉතුරු කරගැනීමට හැකිවෙනු ඇත. මෙය "මැකෝ" ගේ අවධානයට ලක්වේවා.. !!!
සභාපතිතුමා පෙරකාලේ (දේශපාලන හිමිකම් නොමැති) පරිපාලන සේවයේ කිසිවෙකු වර්ජන තර්ජනවලට ගියේ නැහැ. ඔවුන් නිසි පුහුණුවකින් මනා අවබෝධයකින් හා විනයකින් යුක්තව සිටියා. විශේෂයෙන් ජාතික මැතිවරණ අවස්ථාවල පැරණි සුළු සේවකයින්වත් වර්ජනය කලේ නැහැ. මේ කටයුතුත් සමහර අපේක්ෂකයින් අගතියට පත්කරන දේවල් වෙනවා. ඇයි ඔබතුමා ඒ ගැන කථා නොකරන්නේ?
අපි දැක්කා ඡන්දයක් තියාගන්න බැරුව පහුගිය කාලේ "සිංහ නාද බලු කෙදිරිලි වලට" පත් වෙච්ච විදිය.
කයිවාරු විතරයි.රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් වැඩවර්ජන රටපුරා.. මොහු නිදි.
සමහර පැතිවල සිමෙන්ති බෙදනවා. එකට කමක් නැද්ද ?
ඡන්දෙන් පස්සෙද ?
සිමෙන්ති බෙදන ඒවා පේන්නේ නැද්ද?
මෙදාපොටෙත් දණහිසෙන් පහළට වෙඩිතියන්නද හිතාගෙන ඉන්නේ අපේ මහත්තයෝ?