(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනමත විචාරණයක් හෝ ඡන්දයක් තිබුනොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය, විශිෂ්ට නායකත්වය රටේ බහුතර ජනතාව කිසිම පැකිලීමකින් තොරව පිළිගන්නා බව වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අභියෝගයට නිර්භීත ලෙස ඉදිරිපත් වූ යුග පුරුෂයෙක් බව ද අමාත්‍යවරයා පැවසීය.
ඔහු තමන්ගේ දේශපාලන අනාගතය ගැන හෝ වෙනත් කරුණක් ගැන කතා කරන්නේ නැතිව අභියෝගය බාර ගත් බව අමාත්‍යවරයා කීය.
මෙි වන විට රටේ තිබෙන ප්‍රශ්න ටිකෙන් ටික විසඳෙමින් තිබෙන බව කී නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපතිගේ නායකත්වය යටතේ රට යන දිශාව ඉතා පැහැදිලි බවද පැවසීය.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ තියලා බලන්නකෝ... කොළඹින් ඡන්ද 3000ක් විතර ගනීවි. ලොක්කා අර ජපන් සමාගම එහෙම කොහොමද?
ව්‍යාපෘතිය නතර වුණත් කේස් එක දාලා දුන්නා නේද?
කොච්චර නිදාගන්න එපා කීවත් අහන්නේ නෑනේ...!
ඉතින් තියලා බලන්නකෝ... රටේ හැමෝම ඉල්ලන්නෙත් මැතිවරණයක් තමයි...
අනුන් ගැන වර්ණනා නොකර තමන්ගේ රාජකාරිය හරියට කරලා රටේ බහුතරයටම පෙන්වන්න! මොකද වරාය කියන්නේ රටේ දූෂිතම තිප්පලකි...!
2019 දි විශිෂ්ඨ, නිර්භීත නායකයා අන්ත පරාජිතයෙක් කර පලවා හැරීම ගැන අද ඔබලා ජනතාවගෙන් සමාව ඇයද සිටිය යුතුයි. එසේ නම් අද රටේ අර්බුදයට ඔබලා නිරන්තරයෙන්ම වගකිව යුතුයි. ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළ නම් ඔබලාගේ හැසිරීම නින්දිතයි. අද විශිෂ්ඨ, නිර්භීත කියන පුද්ගලයා තනතුරක් වෙනුවෙන් හෙට බැංකු හොරා කීමට තරම් මෙතුමා වැනි දේශපාලකයින් බොහොමයක් දකින්නට ඇත. මේ වගේ දේශපාලකයින් සිටින රටක ඉපදීම ඇත්තටම කණගාටුවටත්, ලැජ්ජාවටත් කරුණකි...
ඔය වයසට ටිකක් වැඩිපුර නිදාගන්න ඕනෑ තමයි.. ඒක තේරුම් අරන් ඔහෙත් ගෙදර යන්න ලෑස්තිවෙන්න. අසහාය නායකයෙත් එක්කම...
තමුන්ට නැවත ඇමති පට්ටම දීම පිළිබඳව කලගුණ සැලකීම සඳහා කරන ප්‍රකාශන...!
නිදොස් කොට නිදහස්කළාට සලකන්න ඕනෑ හොඳේ...
ඇත්තටම? මෙතුමා කියනකම් අපි රනිල් ගැන ලොකු වැරදි වැටහීමකින්නේ හිටියේ... ඒ වගේම ජපානය ගැනත් ලොකු කළකිරීමක් ඇතිවුණා...!
මෙයාට බනින එක? ඔය සිද්ධි වෙද්දී මෙයා නිදි, ඉතින් දැන් නැගිටලා බලද්දී ඔක්කෝම හරි වගේ එයාට දැනෙනවා. පව් අහිංසකයා...!
ඔව්, ඔවුන්ට කියන්න ඡන්දය කරන්න කියලා...
තියල බලන්න
මෙයා කටින්ද කථා කරන්නේ...?
134 ඉල්ලීම ඔවුන්ව නිදොස්කොට නිදහස් කිරීම. දැන් මුල් ප්‍රතිඵල නිකුත් වෙලා. සිරිපාල නිදහස්. එහෙමනම්, මහ බැංකු වංචා සාධාරණයි නේද?
මේ කියන දිව දෙකේ කතා... මෙයාලා ඔක්කොම හොරු....
අර සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යාලයේදී වැදිච්ච පුටුපාරට මොලේ අවුල් වෙලාද කොහේද?
මෙයා කවදත් ඔරැව පෙරලුණු පැත්තට...
කිසිම ජනවරමක් නැතුව පිනට ජනාධිපති වුණා. පාර්ලිමේන්තුවේ දූෂිත දේශපාලුවන් 134 දෙනාට නම් හොඳ ඇති. සමහරුන්ට ඇමැතිකම් එහෙමත් හම්බ වුණානේ...?