(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මේ වෙලාවේ ඡන්දයක් ඉල්ලන්නේ මොන ගොනා දැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි ඇසූ ශාන්ත බණ්ඩාර මහතා ආහාර උද්ධමනය වැඩි වී දුකට පත්ව සිටින ජනතාව පීඩනයෙන් මුදවා ගන්න කටයුතු කරනවා මිස කළ යුත්තේ මැතිවරණ වලට යාම නොවේ යැයි කීය.
ජනතාව ඉල්ලන්නේ මැතිවරණ නොව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කර සංවර්ධිත රටක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනතාව පීඩනයෙන් ඉන්නවා දකින්න කාටවත් කැමැත්තක් නැතැයි ද හෙට දවසේ පෝලිම් නැති වැඩපිළිවෙලකට යා යුතු බවද ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබත් එහෙම කෙනෙක් තමයි.
ජනතාව ඉල්ලන්නේ හොරුන්ට රටින් පිටවන ලෙසය.
ඇමතිකම් තියාගෙන හැමදාම මිනිස්සුන්ට වධ දිදී, මිනිස්සුන්ව අන්දගෙන ඉන්නද ලෑස්තිය?
ඡන්දේ ඉල්ලන්නේ ගොන්නු නම් ගොන්නුන්ව ඡන්දෙන් පත් කරන වුන් කවුද.?
කපුටගෙන් අත යටින් ගාන අරගෙන පැත්ත මාරු කරපු තවත් හොරෙක් , මේ අය දැන් කතා කරන්නේ රට ඉබේ බංකොලොත් උනා වගේ
ඡන්දයක් ඉල්ලන්නේ රටම බංකොලොත් කරපු ඔයාලවගේ ගොන්නු ටික එලවන්න
කේප්ප හරකෙක්
මේ රටේ බහුතර මිනිස්සු චන්දයක් ඉල්ලනවා.ඒ ඉල්ලන්නේ ඔහෙලා වගේ මීහරක් දේශපාලනයෙන් එළවලා දාන්න.අද මේ රටේ මිනිස්සුන්ට කන්න නෑ.බෙහෙත් නෑ .බඩු මිල අහස උසට ගිහින්.මන්දපෝෂණය වැඩි වෙනවා.ලෝකෙටම ණය උහුලාගන්න බැරි විදිහට.ජනතා වරමක් නැති පාලකයෝ රට කද්දී මෙයා මේ මගුලක් කියවනවා.තු නොදකින් සක්කිලි හැත්ත
ජනතාව ඒවගේ පීඩනයකට ඇදලා දැම්මේ මොන ගොන්නුද?අන්න ඒ වගේ ගොන්නුන්ගෙන් නිදහස් වෙන්න ඕන මිනිස්සු තමා චන්දේ ඉල්ලන්නේ .හැබැයි පාර්ලිමේන්තුවේ ඉන්න ගොන්නුන්ටම ගැලපෙන ලක්ෂ ගානක් ගොන්නු තාමත් ලංකාවේ ඉන්න නිසා ඔය ගොන්නුම ආයිත් ඉතින් තනතුරුවලට එයි.
කවුද කියා ඔබ දන්නවා. මේ අයට ඡන්දේ දීපු ගොන්නුම තමා ආයෙත් ඡන්දේ ඉල්ලන්නේ.
ඉන්න ගොන්ම තමයි ඉතින්.
රට මේ තරම් පහත් තත්වයට හෙළුවේ මොන කවුද.?
ඔබට කරන්න බැරි නිසානේ මහත්තයෝ...
මිනිස්සු ඡන්දයක් ඉල්ලන්නේ ගොන්නු එළවලා නුවණ තියෙන අය පත් කරගන්නයි.
ඔබතුමාලාට ඡන්දේ දීපු ගොන්නුම තමයි. තියෙන ටිකත් විනාශ කරන්න කලින් ඉන්න ටික ගෙදරම යවන්නයි ඡන්දේ ඉල්ලන්නේ. ඒ ඉල්ලීමට සවන්දීල ණය වෙලා හරි ඡන්දයක් තියලා බලමු. රටේ ජනතාවගේ කැමැත්ත ඒකයි.
මෙයාගෙ සාමාන්‍ය පෙල සහතිකය බලාගත්තනම් තමන් කවුද කියල දැන ගන්න පුලුවන්. මෙ වගෙ ගොන්නු අපහු යවන්න එපා
එස්.එල්.ඒ.ටී.ආරියතිලක 2022.10. මේ වෙලාවේ ඡ්න්දයක් තැබීම ප්‍රතික්ෂේප කරන්නේ මොන ගොනාද? අප එසේ කියන්නේ රාජ්‍යයක පාලනය පිළිබඳව ප්‍රධාන බල අධිකාරිය ආණ්ඩුව බැවින් එහි සුජාත භාවය නොපෙන්වන තාක් අන්තර්ජාතික පිළිගැනීම නොලැබෙන බැවිනි. Dr. Carlos Rodolfo Tobar නම් න්‍යායාචාර්යවරයා විසින් එළිදැක්වූ, රාජ්‍යයක හෝ ආණ්ඩුවක් සුජාත භාවය තීරණය කරන "ටොබාර් සම්මුතියේ සංක්ෂිප්තය නම් "නීත්‍යනුකූල ව පත් වූ ආණ්ඩුවක් නීතියට පරිබාහිර වූ ආකාරයක් මගින් ඉවත් කිරීමෙන් පසු ව බලයට පත්වන නව ආණ්ඩු අන්තර්ජාතික ප්‍රජාව විසින් පිළිනොගත යුතුය” යන්න ය. මෙම ටොබාර සම්මුතිය දැනට පවතින ආණ්ඩුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති වලට එකඟ වුවද, මෙරට ආර්ථිකය බිඳ වැටීමට දැනට පවතින ආණ්ඩුවේ සියලු දෙනා ම අඩු වැඩි වශයෙන් වගකිය යුතුය. වගකීම් විරහිතව දේශපාලන බලය හා ආර්ථිකය හැසිරවීම තුලින් රට මහත් අගාදයට හෙල ඇත. පවතින ආණ්ඩුවේ සුජාත භාවය අභියෝගයට ලක් වී ඇතිවා පමණක් නොව ජනතා විශ්වාසය සහ අන්තර්ජාතික විශ්වාසය ද බිඳ වැටී ඇත. පාර්ලිමේන්තු මැතිවරණක් කැදවීම අත්‍යවශ්‍ය වේ. එසේ නොවන තාක් අන්තර්ජාතික පිළිගැනීම ලබා ගත නොහැක.
තොපි වගේ කාලකන්නි හොරුන්ව එළවලා තමයි චන්දයක් ඉල්ලන්නේ .නැත්නම් තොපි හොරා කාලා මේ රට හිඟන හුන්ඩුවක් කරලයි නවතින්නේ .
ඔබතුමාලාට බැරිබව, ජනතාව ඔබතුමාලාට අකැමැතිබව තේරෙන භාෂාවෙන් කියලා දෙන්නයි ඡන්දයක් ඉල්ලන්නේ. බයවෙන්න එපා ඡන්දෙන් පස්සේ ගෙදරට වෙලා කොටන්න ඕනෑතරම් පුරන් කුඹුරු තියෙනවා. කුඹුරු කොටනවා වගේද මේ වගේ සැප නේද?