( විශේෂ චමිල් රූපසිංහ)
ඡන්ද බලාගෙන කටයුතු කිරීමෙන් අනිකුත් ප්‍රශ්න සියල්ල අමතක වන බවත් ත්‍රස්ත ක්‍රියා සම්බන්ධව ආරංචි වූ විගස නිලධාරින් පුහුණු කර නිලධාරින් දෙදෙනෙක් ඒ අතරට යවා තොරතුරු ලබා ගත් බවත් ඒ තොරතුරු ජාලය කඩා අක්‍රීය කර දැමිමෙන් තොරතුරක් පැමිණියද විශ්ලේෂණය කර නිවැරැදි තීන්දුව ගත නොහැකි බවත් ඡන්දය නිසා සියල්ලන්ගේම ඇස් අන්ධ වූ බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා මේසේ පැවැසුයේ අද (11) මහනුවර ශ්‍රී දළඳා මාළිගාවට පැමිණීමෙන් පසු මල්වතු, අස්ගිරි විහාර වලට ගොස් මහානායක හිමිවරුන් සහ අනුනායක හිමිවරුන් බැහැදැක පසුව ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරිවිමල නාහිමියන් හමුවු අවස්ථාවේදිය.
එහිදි මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද පැවැසිය.
‘‘අපිට මේ සංවිධාන ගැන දැනගත්තම අපි නිලධාරින් පුහුණු කරල නිලධාරින් දෙදෙනෙක් ඒ අතරට යැව්වා. ඒ නිලධාරින් ඔවුන් පසුපස ගොස් තොරතුරු සොයමින් සිටි ඔවුන් සමහර අය ගාව නිවෙස් අරගෙන පදිංචි වෙලත් හිටියා..
ඔවුන් මේ සංවිධාන ඇතුළටත් රිංගුවා. ඒ අය තොරතුරු ලබාදෙන නිසා අපි පඩිත් ගෙව්වා. ඒ අය ගන්න වෙලාව බලාගෙන හිටියේ ඒ අය දෙන තොරතුරු ජාලාවේ නිවැරැදි තොරතුරක් ලැබුනත් නිවැරැදි තොරතුර විශ්ලේශෂණය කර ගන්න බැහැ. දැන් මේ තොරතුරු මාරුතු මාසයේ ආවා. මෙහෙම එකක් එනවා කියලා අප්‍රේල් වල තොරතුරු ආවම 4 වෙනිදා, 5 වෙනිදා, 9 වෙනිද පොලිස්පති ගියා. පොලිස්පති මේක පල්ලෙහාට එව්වම පල්ලෙහා නිලධාරින් මේක බෙදනකොට ප්‍රචාරය කලේ නැහැ. මහජනයාට කිව්වේ නැහැ. මේක කියවලා තේරුම් ගන්න බැරිකම.මේක සැහැල්ලුවට ගත්තා. ගහන්න පැය 2කට කලිනුත් ඔත්තු සේවයෙන් දැනුම් දීලා තියෙනවා හරියට මේ සම්බන්ධව කටයුතු කළා නම් මේ ව්‍යවසනය නවත්වා ගන්නට තිබුණා‘‘ යැයි මහින්ද රජපක්ෂ මහතා පැවසීය.
පාසැල් විවෘත කිරීම සම්බන්ධව මාධ්‍යවේදියෙකු නැගූ පැනයට පිළිතුරු දුන් මහින්ද රජපක්ෂ මහතා -
‘‘අපේ රටේ දරුවන්ව බිල්ලට දෙන්න බැහැ. රටේ ආරක්ෂාවක් නැති බව දන්න නිසා තමයි දෙමාපියන් දරුවන් පාසැල් එවන්නේ නැත්තේ. ආරක්ෂක අංශ ආරක්ෂක කටයුතු යොදවලා ඒ කටයුතු ඉවර වුනාම දැන් පාසැල්වල ආරක්ෂාව, රටේ ආරක්ෂාව හොඳයි කියලා කිව්වම තමයි පාසැල් විවෘත කරන්න ඕනෑ. දැන් පාසැල් ඇරලා තියෙනවා.. ළමයි නැහැ. ඉස්සෙල්ලම කියන්න ඕනෑ ඔය මැති ඇමැතිවරුන්ගේ ළමයි ඉස්සෙල්ලම පාසැල් එවන්න කියලා‘‘ යැයිද මහින්ද රාජපක්ෂ මහතා එහිදි මාධ්‍ය හමුවේ පැවැසීය.
ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ මෙසේ පැවසූහ.
‘‘රටේ හරි නීතියක් නැහැ. මේ පැත්තෙන් අල්ලනවා, අනික් පැත්තෙන් එළියට දානවා රටේ එක්කෙනකුට එක නීතියක්.. අනික් කෙනාට එක නීතියක් වෙන්න බෑ. රටේ දැන් තියෙන්නේ ආණ්ඩු දෙකක්. එක ආණ්ඩුවක් නීති පනවනකොට අනික් ආණ්ඩුව නීති කඩනවා. ඒ නිසා තමයි මේ රටේ මේ විනාශය සිදුවෙලා තියෙන්නේ..‘‘ යැයිද ගැඨඹේ හිමියෝ පැවැසුහ.
එහිදි ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරිවිමල හිමියන් විසින් ගැඨඹේ විහාරයේ විද්වත් කමිටුව මගින් සකස් කරණ ලද ඉදිරියේදි රජයක් විසින් ගත යුතු රටට හිතකර ක්‍රියා මාර්ග ඇතුළත් ලිපියක්ද මහින්ද රාජපක්ෂ මහතා හට පිලිගැන්විය.
මේ අවස්ථාව සදහා ගැටබේ රාඡෝපවනාරාම විහාරවාසී ශාස්ත්‍රාචාර්ය පූඡ්‍ය ගල්කැටිවෙල රතනවංස හිමියන්, පේරාදෙණිය ශ්‍රී භාරති පිරිවෙන් විද්‍යායතනාධිපති ශ්රෘසත්රවේදි පූඡ්‍ය අඹලියද්දේ සංඝරතන හිමියන් ඇතුලු මහා සංඝරත්නයද, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රින් වන කෙහෙළිය රඹුක්වැල්ල, ලොහාන් රත්වත්තේ, සී.බී. රත්නායක මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඇතුලු දේශපාලඥයින් සහභාගි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාත් පන්සල් ගානේ යමින් කරන්නේත් ශාසනේ වැඩි දියුණු කරන එක නෙවේනේ.... තනිකරම ඡන්ද වැඩනේ. නැත්නම් මොකද්ද පන්සලකට ගිය හැටියේ ඔය වොයිස් කට් දෙන එකේ තේරුම..?
අමතක වෙලා නෙමෙයි, දුර බලන කණ්ණාඩියෙන් බලාගෙනනේ යන්නේ, ඉතින් පෙනෙන්නේ ඈත තියෙන ඡන්දෙ විතරයි. එ්කයි ළඟ තියෙන මඩ ගොහොරුවල වැටිලා අඬු කැඩෙන්නේ. කරුමේ කියන්නේ ඉස්සරහින් යන චීනක්කණ්ණාඩි කාරයා නම් වලේ වැටුණත් කමක් නැහැ, චීනක්කණ්ණාඩිය ඇහැට බද්ධ කරලා නිසා වටපිට පෙනෙන්නේ නැහැ වත් කිව්වැහැකි, පස්සෙන් යන හරකුන්ටවත් වලවල් පෙනෙන්නේ නැති එකනේ හිතාගන්න බැරි...
70%ක් ඉන්න සිංහලයෝ නිවට, බලුවෙලා ඉන්නේ ඔය ඔක්කොම හින්දා, ආසන 5ක් තියෙන කෙනාට මිනිස්ට්‍රි 40 ක්?
බලය උමතුවකි නැත කිසි බෙහෙත් සොයා.. දවසින් දවස ඒ උමතූව පැතිර ගියා... යුතුකම් අමතකව රට දැය වලේ තියා... පාලක පැලැන්තිය පමණක් ගොඩට ගියා...
මගේත් මගේ සහචරයන් සියල්ලන්ගේ හැර අන් සියල්ල බලයෙන් මත්වෙලා අපේ හාමුදුරුවනේ. මම සුදනා අපේ හාමුදුරුවනේ...
කෙටියෙන් කියන්නම්... තමන්ගේ ජනතාවට සලකන හැටි මේ... අන්තවාදීන්ගෙන් ඉගෙන ගන්න. පුළුවන්, අපේ දේශප්‍රේමී නායකයින්ට, අන්තවාදී නායකයා පවුලේ... අයගේ නමින් මුදල් තැන්පත් කරන්නේ නැහැ. තමන්ගේ ජාතියට ඒ හැම සතයක්ම බෙදල දෙනවා. තමන්ගේ ජාතියට දුක් විඳින්න දෙන්නේ නැහැ නායකයා විතරක් සැප විඳින්නෙත් නැහැ. අපේ නායකයින් මේකේ අනිත් පැත්ත... දැන් එන්නේ මොකටද කියන්න ජනතාව දන්නවා..?
මුස්ලිම්වරුන්ගේ ඡන්දෙ ගන්න ඔබතුමා අාරම්භ කළ මේ සා විශාල මුස්ලිම් ජනපද, මුස්ලිම් පල්ලි, මුස්ලිම් විශ්ව විද්‍යාල සහ අනුමත කරදුන් ශරියා නීති. තවත් එවන් විශාල කළ කී දේවල් නොවුණා නම් මෙහෙම විනාශයක් නොවෙන්නට තිබුණා හිටපු ජනපතිතුමනි...
මේ දිනවල ඔබතුමාත් කරන්නේ ඡන්දයට මුලපිරීම නේද? ඡන්දයෙන් පත්වුණොත් ලංකාවට කෙසේවෙතත් ඔබතුමාගේ නෑදෑ පිරිසට නම් හොඳ කලක් ලබනවා නේද? වරායවල් ගුවන්තොටුපළවල් හදන්න, පෝර්ට් සිටි වගේ දේ ඇතිකරන්න ලංකාව තවත් විකුණනවද? ඔබතුමා නම් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හොඳට දන්නවා.
අනේ මෙයාගේ වැදිබණ.. මේ ආණ්ඩුව බලයට පත්වූ දවසෙ ඉඳලාම බලය ඩැහැගන්න බලන් ඉන්න රැල...
ඉතින් ඔයත් කරන්නේ බොරදියේ මාලු බාන එකනේ... ත්‍රස්තවාදී ප්‍රහාරයට වගකිව යුතු අය කැබිනට් එකේ පවා ඉන්නවා. ඔයා මහලොකු දේශප්‍රේමියෙක් නම් කට ඇරලා කියන්න පුලුවන්නේ එයාලව ඇමති කම්වලින් ඉවත් කර නිසි දඬුවම් දෙන්න කියලා. ඔයයි ඔයගේ මල්ලියි හදන්නේ මේ ප්‍රහාරය වෙස් වලාගත් ආශිර්වාදයක් ලෙස සලකලා තව තවත් ජාතිවාදෙ අවුලලා ආයෙ බලයට එන්නනේ.
රජයේ ඉහළින් සපෝට් එක තිබෙන්නේ ඔබතුමාට නේද? කෙලින්ම කතා කරලා උපදේශ උදව් දුන්නොත් නරකද? කියලා ලොකුම ඡන්දය තියා ගත්තොත් තමයි වැඩිය හොඳ... දැන් තත්වය ඔබතුමාලට හොඳටම හොඳයි. දැන් ගෙදරටම ගෙනත් දීලයි තියෙන්නේ දෙයියෝ.
එක්කෙනෙක් ආවා ගියා. දැන් අනිත් එක්කෙනා... බැරිද මේ කට්ටියම පන්සල් වටේ තියලා ඇණ ගහන්න...?
අපි කැමති එජාප යට. එයාලා මුස්ලිම් ජනතාවගේ දුක දන්නවා
පළමුව ඔබේ දෑස් පිහදලා බලන්න.
හරියට හරි. දේශපාලකයෝ "සියල්ලන්ගේම" ඇස් අන්ධ වෙලා 1948 ඉඳලම.
දැන්වත් ඇත්ත තේරුණ එක ගොඩක් හොදයි
මේ මනුස්සය මැරිලා ඉපදිලා වගේ කතා කරන්නේ. එහෙම නැත්නම් අපි මැරිලා ඉපදිලා කියල හිතාගෙන ඉන්නවා වගේ. මේ වගේ මිනිස්සු.
ඔක්කොම එකයිනේ... හාමු හිරවෙලා ඉන්න වෙලාවේ බේරුව හැටි හැමෝම දන්නවනේ... මෙයා අමාරුවේ වැටිලා ඉන්න වෙලාවේ හාමු මෙයාව රැක්ක හැටිත් පේනවා. අනිත් එක්කෙනා ගැන නන් කතා කරලා වැඩක් නෑ. මිනිහා මෙලෝ දෙයක් දන්නේ නෑනේ. මේ ඕක්කොම එකම කණ්ඩායමක්. රටට ඕනෑ බුද්ධිමතෙක් මිසක් උගත් මෝඩයන් නෙමේ...
ඒක සම්පුර්ණ ඇත්ත මහින්ද මහත්තයෝ. ඔයාගේ ඇස් දිහා බලපුවහම ජනතාවට ඒක තේරෙනවා .
අන්සාර් ඔබලා මෙරටේ 10% ජනතාව. එජාපයින් දකින ඔබලාගේ දුක මොකක්ද කියලා කියන්න. දැනටමත් රටේ මහජාතිය ඔබලාව ප්‍රතික්ෂේප කරනවා. අපි ප්‍රතික්ෂේප කරනවා මම ප්‍රතික්ෂේප කරනවා.
ඉතින් මහත්තයෝ ඔබ තුමත් කරන්නේ ඒකම නේද?
1948 ඉඳලම ඇස් අඳ වෙලාලු. ටිකක් විස්තර කීවොත් අපිට දැනගන්න. ඉපදුනේ මොන අවුරුද්දේද? මතක තියාගන්න පෘතුගීසි කාරයයි සුද්දයි අලාගත්තේ සිංහල බෞද්ධයින් ඉන්න රටක්. දීලා ගියේ රටේ විවිධ ආගම් ඇතිකරලා. 1948 සිට 1956 දක්වා සිංහලයොත් මෙරටේ සුළු ජාතියක් හැටියටයි සැලකුම් ලැබුවේ.
ඒක ඇත්ත ඔය කියන කෙනාගේ තමයි හොදටම අන්ධ වෙලා තියෙන්නේ
තිස් වසරක යුද්ධය හමුදවෙන් ටික ටික ජයග්‍රහණය කරනකොට එහි වාසි ගන්න කඩින් කඩ ඡන්ද ...ඉතිං කුඩුකාරයන්..විවිධ පන්නයෙ පාලනයට නුසුදුසු අය ආව පලාත් සභාවට..යුද්ධය ජය නමින් ... ඊලගට නියමිත කලට පෙර ජනපතිවරණය තිබිබා..යුද්ධය දිනවපු හමුදාපතිතුමන් එනව ඡන්දයට ..ඒවනවිට ටික කාලයෙ රට ටික ටික අමුතු පාරක ගෙනාවේ ...ඒකෙදි මෙතුමා ආයෙ ජනපති..ඉන්පස්සේ තමා සෙල්ලම් පටන්ගත්තේ ..යුද්ධය දිනන්න දායකවූ හමුදාපතිතුමන් හිරේට ..කිසිම නීති කටයුතු නැතිව කරුණ අමිමා න් ඇමති ..පක්ෂයේ උපසබාපති...තව ..තව..සෙල්ලම් ...එහෙම ගිහින් ආයෙම අවුරුදු දෙකකට කලින් ජනාධිපතිවරණය...තියපු හැටි.ඉතිං ඇත්ත .එදායින් පසුව අලුත් ජනාධිපති කෙනෙක් ..ඒ ආපු දවසෙ ඉදල බලන්නෙ ම ආයෙ බලය ගන්නේ කොහොමද .. කියල..ඇත්ත ඡන්ද ගැන බලයෙන් අන්ධ වෙච්චි එක තමා රටට විනාශය ....බලයෙ ඉන්න හිටපු හැමගෙම බලාපොරොත්තු ව තමන්ගේ බලය රැකගැනීම හා බලයට ඒම විතරයි .
කෝටියකට වැඩි මිනිසුන් පිරිසකට මේ දේශපාලකයන් හදා ගන්න බැරි උනාට මේ කීප දෙනා කෝටියකට වැඩි මිනිසුන් පිරිසක් රවටගෙන ඉන්න එක නේ පුදුමේ.
ඒ කියන්නේ ඔබගේ පමණක් හැර අනෙක් සේරම අන්ධ වෙලා කියලාද ? ජනයා ගොනාට අන්දන්නේ ඇයි? බලකාමය ගහලා රටේ අන්තවාදය වපුරවලා ඒ තුළින් බලයට එන්නද? කල්පනාව යහපාලව නොමග යවලා පස්ස දොරෙන් අගමැති පුටුවට පැන්නා වගේ ?
මේවට තමයි වැදී බණ කියනවා කියන්නේ. මෙයාල කලෙත් ඡන්ද බලාගෙන අන්ධයෝ වගේ වැඩ කරපු එක නොවෙයිද?
පාසැල් ආරම්භ කරන්න රටේ ආරක්ෂාව නැහැලු හැබැයි ඡන්ද තියන්න නම් ආරක්ෂාව නැහැ කියන්නේ නැහැ . නරුම දේශපාලකයෝ තමයි ...
නිදහසේ බෝම්බ පුපුරුවන්නත් දෙනවනේ.....
ඔබතුමාට වගකීමක් තිබ්බේ නැද්ද රජය මහජනතාව දැනුවත් නොකරානම් ඔබතුමා දැනුවත්ව හිටපු දේ මයික් ඉස්සරහ දොඩවන අනිත් දේවල් වගේම මහජනතාව දෑනුවත් කරන්න ? එහෙම නොකරේ වැඩේ වෙනකන් ඉදලා බලය ගන්නද?
ඇත්ත දන ගෙන හිටිය මුල ඉඳලම, එහෙත් බල ලෝභිත්වය නිසා අන්ද වෙලා තාමත්. ජනාධිපති මහින්දට මම ගරු කරනවා එල්ටීටීඊ එක ඉවර කරපු එක ගැන, හොඳින් හෝ නරකින්. එහෙත් අනිත් වැඩ ගැන සැහීමකට පත් වෙන්න කොහෙත්ම බැහැ. අනික බුද්දාගමේ ඉන්න මේ නායක හාමුදුරුවරු තාම කුලය නිසා පිල් බෙදිලා මෙච්චර බෞද්ධ දර්ශනේ එක ගැන පහදලා දීලත්. මෙකී නොකී හැමෝම බලය ට කුලයට කැදරය. ලෝකේ ත්‍රස්තවාදය අයින් කරපු හැම අවස්ථාවකම එක කරේ එක මුලිනුපුටා දමල. එකට සහජීවනේ හරියන්නේ නැහැ . ලංකාවේ ම 3 වතාවක් එක ඔප්පු කරලා තියෙනවා. මේ පාරත් එක ඔප්පු කරන්න පුළුවන් නායකයෙක් එන්න ඕනේ. සිරිමාවෝ, ප්‍රේමදාස, මහින්ද යුද සන්නද්ද අරගල 3 කට මුහුණ දුන්න. ඒවා සාර්ථකව ඉවර කරා. ඒ වගේ මේකත් ඉවර කරන්නන පුළුවන් කෙලින් තීරණ ගන්න පුළුවන් සිංහල නායකයෙක් බිහි වේවා.
මේක තමයි බෝම්බෙ
එක්කෙනෙක් ඇවිල්ලා ගියා. දැන් අනිත් එක්කෙනා. තරගෙට වගේ යන්නේ එන්නේ. කිව්වත් වගේ මේ කට්ටියට ඒ ලග පාත ඉන්න හිටින්න තැනක් ලැස්ති කලානම් මහන්සියත් ඉතුරුයිනේ.... හනේ මෙහෙමත් දේශපාලකයින්. මේ පාර නම් සාමාන්‍ය ජනතාව මේ කට්ටියට නොරැවටෙනවා නම් රට ගොඩ ගන්න පුළුවන් වෙයි.
ඔව් මේක තමයි බෝම්බේ. LTTE ත්‍රස්තවාදය විනාශ කරපු බෝම්බේ.
මහින්ද මහත්යෝ ඔය මිනිස්සු දීලා තියන අදහස් ටික හොන්දට කියවලා බලන්න. ඔයාලා ඡන්දෙක ආවොත් මොකද වෙන්නේ කියල එතකොට තේරෙයි.
Jerami මහින්ද මහතා ඡන්දෙකට ආවොත් වෙනදේ 2018 පෙබරවාරි ප්‍රතිඵල වලින් බලාගන්න. මහින්ද මහතාට තිබෙන කැමැත්ත වැඩිවුණා මිස අඩු වුනේ නැත. රනිල් වෙනුවෙන් මිනිස්සු ඡන්දය දෙන්න රනිල් මෙරට මොනවද කලේ කියන්න...