(රංජන් කස්තුරි)
ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා මැතිවරණ කොමිසම පිළිගත් අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය යැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ හැඳුනුම්පත, වලංගු ගමන් බලපත, වලංගු රියදුරු බලපත, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ පූජ්‍ය , පූජක හැඳුනුම්පත සහ මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ විශේෂ හැඳුනුම්පත ඡන්දය භාවිත කිරීම සඳහා වලංගු වන බව එම කොමිසම පවසයි.
මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කරන විශේෂ හැදුනුම්පත ලබාගැනීම සඳහා අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය ඔක්තෝබර් මස 01 වැනිදාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා ඔය කතාව 2015දීත් කිව්වා. මම එතකොට ලංකාවට ගිහින් හිටපු හින්දා හැඳුනුම්පත අරන් ගියා... ඡන්දපොලේ අනන්‍යතාවය තහවුරු කරන අයත් මම බව පිළිගද්දීත් කොහෙන්වත් ආපු ඡන්දපොලේ ලොක්කා කියනවා මම ඉන්නේ පිටරටලු... ඒ හින්දා පාස්පෝට් එක අරන් එන්නලු... ගෙදර ගිහින් පාස්පෝට් අරන් ඇවිත් ඡන්දෙ දාන්න තරම් වුවමනාවක් මට තිබුනේ නැහැ.. ඒ හින්දා තර්ක කළා. එතකොට පොලිස් කාරයට අඬගහලා මාව එළියට ඇදලා දාන්නලු... තව ටිකෙන් මම මට සත පහකට වැඩක් නැති, ඡන්දෙ ලැබෙන කෙනාට බලය සමග සියලු වරප්‍රසාද, සැප ලැබෙන ඡන්දයක් දාන්න ගිහින් කොහෙන්වත් ආපු ඡන්ද පොලේ ලොක්කෙක් හින්දා පොලිස් තුවක්කුවෙන් වෙඩි කනවා. හොඳ වෙලාවට මගේත්, පොලිස්කාරයාගේත් වාසනාවට එහෙම දෙයක් වුනේ නැහැ. හොඳ වෙලාවට එතන හිටපු පොලිස් කාරයයි, එම පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිතුමයි මොලේ තියෙන මිනිස්සු... ඡන්ද පොලේ ලොක්කා වගේ කෙනෙක් හිටියා නම් මෙයාගේ කතා අහලා වැඩ පෙන්නලා...
පොහොට්ටුවේ අපේක්ෂකයාට තියෙන්නෙත් හොරට හදපු එවාලු...