
(විනීතා එම් ගමගේ)
මහ මැතිවරණයේ අපේක්ෂක වියදම් දෙස බලද්දී මේ වනවිට අපේක්ෂකයින් විසින් වියදම් කර ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය තහවුරු කර ගෙන ඇති මුදල රුපියල් මිලියන 1597 ඉක්මවා ඇතැයි එහි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ප්‍රකාශ කළේය.
තහවුරු කර ගත් මුදල මෙය වුවත් තමන්ට තහවුරු කර ගත හැකි වූයේ අපේක්ෂකයින් විසින් වියදම් කර ඇති මුදලින් 25% ක් 30% ක් අතර ප්‍රමාණයක් යැයි විශ්වාස කරන බව කී ගජනායක මහතා ඒ අනුව මෙම මැතිවරණයේ දී අපේක්ෂකයන් වැය කරනු ඇතැයි සිතන මුදල රුපියල් මිලියන දස දහස ඉක්මවනු ඇතැයි ද කීය.
මේ වනවිට වැය කර ඇති මුදලින් වැඩිම ප්‍රමාණයක් එනම් රුපියල් මිලියන 872 ක් වියදම් කර ඇත්තේ පොදුජන එක්සත් පෙරමුණ විසින් බවත්, සමගි ජන බලවේගය විසින් රුපියල් මිලියන 416 ක් වැය කර ඇති අතර එක්සත් ජාතික පක්ෂය රුපියල් මිලියන 219 ක් ද, ජාතික ජන බලවේගය රුපියල් මිලියන 47 ක් ද, අපේ ජන බලවේගය මිලියන 22 ක් ද, ඉලංකෙයි තමිල් අරසු කච්චි විසින් රුපියල් මිලියන තුනක් ද වියදම් කර ඇති අතර මැතිවරණයට ඉදිරිපත් වන අනෙක් පක්ෂ 34 විසින් ම වියදම් කර ඇත්තේ රුපියල් මිලියන 18 ක් බව ද ගජනායක මහතා හෙළි කළේය.
මංජුල ගජනායක මහතා මේ අදහස් පල කළේ කොළඹ නිපෝන් හෝටලටයේ අද (29) පැවැති මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුව අමතමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ ගජනායක මහතා කියා සිටියේ මැතිවරණ වියදම් පිළිබඳ සොයා බලන තම නිරික්ෂණ කණ්ඩායම් විසින් කළ නිරික්ෂණය අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙක් කෝටි දෙකකට ආසන්න මුදලක් රුපියල් 5000 නෝට්ටුවලින් බෙදා දී ඇතැයි හෙළි වූ බව ද පැවසීය.
එමෙන්ම මාතර දිස්ත්‍රික් අපේක්ෂකයෙක් පිළිබඳව තම කණ්ඩායම් දින දහයක් නිරික්ෂණය කළ බවත් එම දින දහය තුළ ඔහු කළ වියදම් වලින් රුපියල් මිලියන 46.8 ක සනාථ කළ හැකි වියදම් නිරික්ෂණය කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
ජනාධිපතිවරයා පැය භාගයක කාලයක් සඳහා මාතර රැස්වීමකට එන අවස්ථාවේ එකී අපේක්ෂකයා විසින් රැස්වීමක් සූදානම් කර තිබු බවත් බස් රථ එකකට රුපියල් 15,000 ක් බැගින් ගෙවා බස් 103 ක් යොදා ජනතාව ගෙන්වා ගැනීම සඳහා රුපියල් විසිහත් ලක්ෂ හතලිස් පන්දහසක් වැය කර ඇති බවත් එදින රැස්වීමේ වියදම් පමණක් රුපියල් හැටතුන් ලක්ෂයක් වූ බවත් පෙන්වා දුන්නේය.
මේ තොරතුරු කිසිවක් එහි ආ ජනාධිපතිවරයා නොදන්නේ යැයි තමන් විශ්වාස කරන බව ද ගජනායක මහතා කීය.
දේශපාලන පක්ෂ විසින් ඔවුන්ගේ මැතිවරණ ගිණුම් වාර්තා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දී ඇති බවත් ඒවායේ ඇති වියදම් සමග බලද්දී මේ අපේක්ෂකයන් වියදම් කරන මුදල් ඒවාට අදාළ නොවන බව පෙනී යන බවත් පැවසු ඔහු එයින් පෙනී යන්නේ මේ මුදල් ඊට පිටස්තරව එන ඒවා බව යැයි ද සඳහන් කළේය.
විවිධ අන්දමේ ප්‍රචාරක උපක්‍රම මෙවර අපේක්ෂකයින් විසින් යොදා ගෙන ඇති බව එහි දී පෙන්වා දුන් ගජනායක මහතා හැඳුනුම්පත් ලෙස තම අංකය හා ඡායාරූප යොදා ගත් අපේක්ෂකයෙක් හමුවූ බවත් තවත් අයෙක් අපේක්ෂකයකුගේ පවුලම යොදා ලිතක් මුද්‍රණය කර තිබූ බවත් අනිවාර්යයෙන්ම එවැන්නක තිබිය යුතු මුද්‍රණකරුගේ නම හෝ ලිපිනය එහි නොතිබු බව ද ඔහු හෙතෙම සඳහන් කළේය.
මෙම අසමාන මුදල් වියදම් නිසා මැතිවරණ ප්‍රචාරණයේ දී සමානතාව බිඳී ගොස් මුදල් නැති පිරිසට අසාධාරණයක් වන බවත් එයින් සිදුවන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කළයුතු සුදුසුකම් සහිත අයට එකී හේතුව නිසා එය අහිමිවීම බව ද ඔහු පෙන්වා දුන්නේය.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානයේ කැඳවා තිබු මෙම මාධ්‍ය හමුවට එහි කැඳවුම්කරුවන් වන ආචාර්ය පාක්‍යසෝත සරවනමුත්තු, උදය කලුපතිරණ, සීතා රන්ජනී, සහ ඒ එම් එම් වික්ටර් යන මහත්වරු ද සහභාගී වූහ.
COMMENTS
මහජනයාගෙන් කොල්ලකා ගත් ධනය, මැතිවරණ සමයේ මහජනයාටම බෙදාදෙන උතුම් දේශපාලකයින් ඉන්නේ වෙන කොයි රටේද?
අපි වෙනුවෙන් එයාලගේ ධනය කැපකරනවා. මෙන්න බලාගන්න නියම වෙස්සන්තර රජ්ජුරුවන්.. අපේ රටට වාසනාවන්... මෙවන් පුතුන් තව සියගණන් පහළවෙනවා.
මැතිවරණයකට වියදම් කිරීමෙන් ඇත්තටම සල්ලි ලැබෙන්නේ ප්‍රින්ටිං කරන, කටවුට් ගහන, පොස්ටර් ගහන සාමාන්‍ය මිනිසුන්ට නේද? දේශපාලකයින් හම්බ කරගන්න විදිහ වැරදියි. ඒවා නැවැත්වීමට නීතිමය පියවරවල් ගත යුතුමයි. ඒත් ඔවුන් ඡන්දවලට දාගෙන වියදම් කරනකොට මට සතුටුයි. ඒ සල්ලි නැවත මිනිසුන්ටම ලැබෙනවානේ කියලා. එහෙම වියදම් කරලා පැරදුණොත් නම් මරේ මරු..., එතකොට සාමාන්‍ය මිනිස්සු නොදැනුවත්වම නියම ආයෝජනයක් කරලා තියෙන්නේ. ඒ නිසා වියදම් කරන දේශපාලකයින්ගෙන් හොඳට අර ගන්න, එ්ත් ඡන්දය නිවැරදි අයෙකුට දෙන්න.
බලයේ ඉද්දී රටේ සල්ලි හොරකම් කළ, නැතිනම් මහබැංකුව කොල්ලකෑවා. එහෙමත් නැතිනම් කොමිස් කුට්ටි ගණන් ගත්තා කියලා අපි කිව්වට ඉතින් මේ වියදම් කරපු මුදල් කන්දරාව හොයාගන්නත් ඕනෑනේ බලයට ආපු දවසක... පව් මේපාර පත්වෙන කට්ටියට හරිහැටි මේ වියදම් වුණු ගණන නොදැන වගේ බනින්න එපා...
රටට, ජාතියට සේවය කරන්නනේ දෙයියනේ මේ!
දූෂණ, වංචා නොකරන්න අලුත් මුහුණු ටිකක් පාර්ලිමේන්තුවට එවන්න කියලා ජනතාව කෑමොර ගහනවා. අලුතින් එන්න හදන අයත් කෝටිගණනින් වියදම් කරනවා පාර්ලිමේන්තුවට එන්න. ඒ අය කෝටි ගණනින් වියදම් කරපු කෝටිගණනක පොලියත් සමග ආපසු සොයාගැනීමයි. එතකොට අලුත් දූෂිතයෝ රටට බිහිවෙලා නැත. දන්න දූෂිතයා නොදන්න දූෂිතයාට වඩා හොඳයි.
ඔව්, ඉතින් දිනුව දවසේ ඉඳන් හොරකම් කරන්නනේ සැලසුම් කරගෙන ඇත්තේ...
මේවා පැමිණිලි කරගන්න පියවර කුමක්ද?