(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණය මේ අවස්ථාවේ පවත්වන්නේ නම් මැතිවරණ කොමිසම ඉල්ලන මුදල දිය හැක්කේ එකවර නොව කොටස් වශයෙන් යැයි මහභාණ්ඩාගාර නිලධාරීහු මැතිවරණ කොමිසමට දැනුම් දුන්හ.
මහභාණ්ඩාගාර නිලධාරීන් ඉහත දැනුම් දීම කරනු ලැබූවේ පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසමේ සාමජිකයන් හා නිලධාරීන් මුණ ගැසුණු අවස්ථාවේදීය.
මැතිවරණ කොමිසම කළ කැඳවීමකට අනුව භාණ්ඩාගාර නිලධාරින් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා ඇතුළු එහි සාමාජික මණ්ඩලයත්, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක ඇතුළු නිලධාරී කණ්ඩායමත් මුණ ගැසී තිබේ.
එහිදී මැතිවරණ කොමිසමේ නිලධාරීන් පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැපයිය හැකි ආකාරය ගැන විමසා ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් පවතින මූල්‍ය දුෂ්කරතා ගැන මැතිවරණ කොමිසමට පූර්ණ විග්‍රහයක් කර තිබේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඡන්දෙට සල්ලි දෙන්න වෙන්නේ ටික ටික
ana Thursday, 12 January 2023 02:09 PM
රාජ්‍ය නිළධාරිනී අප නොමිලේ මැතිවරණ රාජකාරි කරමු ද?
fairoos Thursday, 12 January 2023 04:51 PM
එතකොට අපේ ගව පට්ටිය පවත්වාගෙන යන්න සල්ලි තියෙනවද?
BamunuarachchiFriday, 13 January 2023 08:24 AM
චන්දෙ ගැන කතා කලත් මෙයා කතා කරන්නේ ගවපට්ටි ගැන. මම කට කසනවට නොවෙයි මස් කඩ කාරයෝ එළු පට්ටි බලපු හාදයෝ කියන්නේ.
Bamunuarachchi Friday, 13 January 2023 08:20 AM
නොදුන්නත් අපිට කමක් නැහැ. මොන ලාභයකටද ? මොන ප්‍රයෝජනයකටද? චන්දයට වියදම් කරන සල්ලි වලින් බෙහෙත් ගෙන්වන්න.