IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ඡන්දෙට මුදල් සොයන හැටි ජී.එල් කියයි

(ඩයනා උදයංගනී)

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නැතිනම් ඒ සඳහා මුදල් ඉතිරිකරගැනීමේ පළමු පියවර ලෙස රාජ්‍ය ඇමතිවරු 39 දෙනා අහෝසි කරන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

රාජ්‍ය ඇමතිවරුන් 39ට දෙනා වෙනුවෙන් වාහන 340කට වැඩි ප්‍රමාණයක් මෙන්ම ඉන්ධන, වැටුප්, කාර්ය මණ්ඩල, විදේශ ගමන්, වරප්‍රසාද ආදිය සඳහා කෝටි ගණනක අති විශාල ධනස්කන්ධයක් වැය කරන බවත්, එම මුදල ඉතිරිකර ගත හැකි බවත් ජී.එල් පීරිස් මහතා සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා වසරක් රට පාලනය කළේ එක් රාජ්‍ය ඇමතිවරයකු හෝ නොමැතිව බවත්, වත්මන් රජය මැතිවරණයට පමණක් මුදල් නැති අතර රාජ්‍ය ඇමතිවරු නඩත්තුවට මුදල් තිබෙන බව ද කීවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ පිහිටි නිදහස ජනතා සභා කාර්යාලයේ දී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට රජය නොගහන තුරුම්පුවක් නැතත් ඒ කිසිඳු තුරුම්පුවක් සාර්ථක වන්නේ නැතැයි ද හෙතෙම සඳහන් කළේය.

මෙම මැතිවරණය වෙනුවෙන් 2022 අයවැය මගින් මුදල් වෙන්කර ඇති බව ද මන්ත්‍රීවරයා කීවේය.



අදහස් (3)

ඡන්දෙට මුදල් සොයන හැටි ජී.එල් කියයි

sharm warn Monday, 09 January 2023 05:01 PM

හා හා... ජී.එල්. මල්ලි මාලිමාවෙන් යමෙක් ඉගෙනගෙන වගේ...

:       1       3

ගාමිණී Monday, 09 January 2023 05:26 PM

ගෝඨාභය පාලනය කළහැටි ඔය ඉක්මණින් අමතක වුණාද? ලොක්කෝ ජනතාව අරගල කලේ තමුන්නැහැ කියන පුද්ගලයා එළවන්න තමයි ඔහේලගේ ආණ්ඩු 2005 සිටම සුනාමි ආධාර ඇතුළුව කොතරම් ගසාගෙන කෑවාද දැන් තමුන්නැහැ ආණ්ඩුවට බැන්නාට ඕක පත්කිරීමට දරදිය ඇද්දේ තමුන් මිස අපි නොවෙයි විකාර' නොකියා ඉදිරියේ යන්න තියෙන ගමනට ගමන් වියදම් සොයාගන්න උත්සාහ කරන්න...

:       1       4

ajith Monday, 09 January 2023 06:05 PM

ඔබතුමා කවදද විශ්‍රාම යන්නේ ?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 829 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site