(අංජුල මහික වීරරත්න)
මෙම වසරේ හදිසි මැතිවරණයකට ගියහොත් ඉදිරි මහ කන්නයේ දී වී මිලදී ගැනීමට පවා ආණ්ඩුවට මුදල් නැති වී යනු ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
වී මිලදී ගැනීමට නොහැකි වුවහොත් යළිත් සහල් වෙළෙද පොල කඩා වැටීමේ අවදානමක් පවතින බවද මුදල් අමාත්‍යාංශ වාර්තාවන් හි දැක්වේ.
මෙි තත්ත්වය යටතේ පෞද්ගලික අංශය පමණක් වී මිලදී ගතහොත් වී මිල ශීඝ්‍රයෙන් පහල ගොස් වී ගොවියා අන්ත අසරණ තත්ත්වයකට පත්වනු ඇතැයි අදාල වාර්තාවෙි සඳහන් වෙයි.
යල කන්නයේද හොද සහල් අස්වැන්නක් ලැබීම නිසා මහ කන්නයේදී වී අස්වැන්න ඉහල යා හැකි බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පුරෝකතනය කර තිබේ.
මෙවැනි තත්ත්වයක් යටතේ රජයට වී වෙනුවෙන් සහතික මිලක් නියමකොට වී මිලදී ගැනීමට නොහැකි වුවහොත් වී වෙළෙඳපොළ කඩා වැටෙනු ඇතැයි ද එයින් සහල් ඒකාධිකාරයක් නිර්මාණය වීම නිසා සහල් මිල ද ඉහළ යාමේ අවධානමක් පවතින බව ද මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමක් ගමක් නැති එකෙක්... වී මිළ අඩු උනොත් හාල් මිලත් අඩුවේවි.. ඉතින් ඒක බත් කන අයට හොදයිනේ
මොන දහන් ගැටයක් හරි දාලා චන්දෙදෙම් තියන්න එපා.
’ඡන්දෙකට ගියොත් වී ගන්නත් සල්ලි නෑ’’ එනිසා චන්ද අපිට එපා. චන්දෙන් බලයට එන එකා ඇලඩින්ගේ පහන අරගෙන නොවෙයි එන්නේ. ඒ ගොල්ලොත් මේ ක්‍රමයම ගෙනියනවා. එනිසා තව කාලයක් මේ විදිහට යමු. පලාත්පාලන ක්‍රමය රටට ආවේ අපිට ඕනේ නිසා නොවෙයි උතුරේ දෙමළුන්ට බලතල දීමට උවමනා නිසා . අන්තිමට මෙය උරචක්‍ර මාලයක් උනේ අපිට. පලා බබා අපිට එපා. දැනට තිබෙන පළාත් සබාත් විසිරුවා හරින්න.
චන්දෙ නොතියා ඉන්න මිනිස්සුන්ව බය කරන්න ගොන් කතා කියන්න එපා.. අය-වැයෙන් හැමදාම චන්දෙට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බව රටම දන්නව.. වී ගන්න සල්ලි මදි වෙනව නම් අර දියවන්නවෙ ඉන්න හරකුන්ට දෙ දීමනා වලින් කපල සල්ලි ගන්න.. උන්ට හාල් ඔ්නෙ නෑ පුන්නක්කු සහ තණකොල විතරයි නෙ ඔ්නෙ
චන්දයට ගියොත් වී ගන්න සල්ලි නැහැ ! චන්දයකට නොගියොත් හුස්ම ගන්න හුලන් නැහැ !!!
කවුද උසස් නිළධාරිය? රුවන් විජෙවර්දනඩ?
ඡන්ද එපා.....
2022 ජන්ද තිබුනෙත් නෑ, හැබැයි වී ගත්තෙත් නෑ. උසස් නිලධාරීයා මොකද දන්නෑ ඒකට කියන්නේ?
අපිට කන්ඩ ඔනේ නෑ . මේ අවලම නරිය අතුගාල ආන්ඩයි ඔනෙ
මුදල් අමාත්‍යාංශයේ මේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් දැන් නින්දෙන් ඇහැරිලා දොඩවනවා. රට බංකොලොත් වෙනකල් තොපි කොහෙද හිටියේ කාලකන්නි. යකෝ හැම විනාශයක්ම වෙනතුරු කටවල් වහගෙන තොපේ අ.............ලාට හැමිණුනාද? මිනිස්සුන්ට කැමති රජයක් පත්කරන්න හදනකොට තමයි තොපිට සල්ලි නැති බව පේන්නේ නේද? තොපි වගේ බත් බැලයන්ට කෙලවෙන බව දන්නවනේ.
හැබැයි අලුත්ම ගෑස් mask ගන්න සල්ලි තියෙනවා.. මේවා පිළිගන්න උන්ට හොඳයි.. එතකොට ආරක්ෂක අමාත්‍යංශයට කෝටි 60,000 ක් මොකටද? යකෝ රෝහල් වල බෙහෙත් නැතුව ලෙඩ්ඩු මැරෙනවා ඒවා ගැන එකෙක් කථා කරන්නෙ නැහැ.මේවා සේරම බොරු මුන්ට වාසි නම් ඔය එකක්වත් ප්‍රශ්නයක් නැහැ.. අපිට චන්දයක් ඕනෙ මේ තක්කඩි රැල එලවා දමන්න චන්දෙ එපා කියන උන් චන්දෙ නොදී ඉඳපල්ලා හැබැයි අපිට චන්දෙ ඕනෙ ඒක මගහැරියොත් තොපි සේරම බේරේ නාන්න බලන් ඉඳපල්ලා
ඇමති වරප්‍රසාද වලට සැප ගන්න සල්ලි ඇතිතරම් තියනවා නේද? ගාමිණී සෙනරත් මගුල් ගෙදරට කෝටි 11 ක් වියදන් කලේ කොහොමද
ප්‍රාදේශීය සභා ඡන්දය නොතියා ඉන්න මාර ට්‍රයි එකක් දෙන්නේ. ඡන්දය තිබ්බොත් රනිල් රාජපක්ෂලාට ඇප නැතුව යනවා කියලා උන් දන්නවා. මැතිවරණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය සල්ලි බජට් එකෙන් වෙන් කරලා ඉවරයි. මැතිවරණ දෙපාර්තමේන්තුවට බජට් එකෙන් වෙන් කරපු සල්ලි වලින් වී ගන්න බැහැ. අනිත් කාරනාව ඡන්දය තියන්න බිලියන 5 විතර වගේ යන්නේ කියලා මැතිවරණ දෙපාර්තමේන්තුව කිව්වා . බිලියන 5 හොයාගන්න බැරි රනිල් රාජපක්ෂ කොහොමද මේ අවුරුද්දෙ හොයන්න ඇස්තමේන්තු කරපු බිලියන 7900 හොයන්නෙ.
එක තමයි ගොබ්බයො මම පළාත් පාලන ක්‍රමය කියා ලියා තිබෙන්නේ. මට ඔය එකක්වත් අදාළ නැහැ මම ඉන්නේ ලංකාවේ නොවෙයි. හෙන ගැහුවත් මට කමක් නැහැ ගොබ්බයො.