
(අංජුල මහික වීරරත්න)
ඡන්ද දායකයා ඡන්ද පොළට යැවිය යුත්තේ හිතේ වෛරය ඉවත් කිරීමෙන් පසුව බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව නැති ඡන්ද දායකයෙක් ඡන්දපොළට ගිය දිනක හොඳ රටක් නිර්මාණය කරන්නට හැකියාව ලැබෙනු ඇතැයි ද අබෙිවර්ධන මහතා කීය.
රනිල්ට ඊර්ෂ්‍යා කිරීම නවතා ඔහුගේ දැනුමෙන් වැඩ ගන්නැයි ද එජාප සභාපතිවරයා ඉල්ලා සිටියේය.
ගාල්ලේ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් වජිර අබේවර්ධන මහතා මේ බව කීය.
ලාංකිකයන් 1948 නිදහස ලබාගත් දා සිට අද වනතුරු අවුරුදු 75 ක් පුරා වරද්දාගත් ජාතියක් බව කී අබෙිවර්ධන මහතා ඒ වැරැද්දේ උපරිමයට ගිය අවුරුද්දෙදී ළඟා වූ බව පැවසීය.
ඒ වැරැද්ද දැන් නිවැරදි කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිගින් දිගටම ප්‍රකාශ කරන බවද කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මැතිවරණයක් පවත්වන්න. අපි නැවත සලකා බලමු.
තමුන් වගේ ජෝකරයින් ඉන්නකන් ජනතාවගේ වෛරය නැතිවෙන්නේ නෑ හලෝ...!
ඔවු , හොරකමට ඳූශිතයන්ට වඉර කරන , පොලිම් වල දුක් වින්දල හොඳට තෙම්පරාදු වුන අලුත් චන්ද දායකයෙක් තමා ලබන ප්‍ර චන්ඩෙ පොලට එන්නෙ, දූශිත නාකි සෙට් එක පලවා හැරිම ලබන අවුරුද්ද තුල හොදින් හෝ නරකින් කිරිම අපේ ඉල්ලකය වෙවි.
දේශපලුවො සහ රජයෙ නිලදාරි ැරැට්ට කරුපු විනාශෙ , ජනතාවට දුන්න දුක අමතක වෙන්න නම් , මෙ ඉන්න මිනිස්සු මරිල ඉපදෙන්න ඔනෙ , එහෙම වෙන්න නම් තව පරම්පරා 2 හො වසර 50 පමන යාවි.
අනේ මහත්තයෙ අපේ ජනදිපති යනු පින් කදයි , අපෙ නම් කිසිම ඉවරයක් නැහැ , අපි පුල පුලා බලා සිටින්නෙ චන්දයක් එනතුරු කල ගුන සලකන්න.
රනිල්ගේ දැනුමෙන්, කපටිකමින් රාජපක්‍ෂලා හොඳට වැඩ ගන්න බව රටම දන්නවා. ජනතාවට වැඩ ගන්න තරම් මොලයක් මෑන්ට නැහැනේ. අනික රනිල්ට ඉරිසියා කරන්න එයාට මොනවද ලොක්ක තියෙන්නෙ? පිනට ජනාධිපති උණා විතරයිනේ. අඩුම ගානේ කලිසම හැලෙනවට බෙල්ට් එකක් වත් නැහැනේ. වැදගත්ම කාරණය තමයි අපේ කිසිම වෛරයක් නෑ. අපි ඡන්දෙ දාන්න බලාගෙන ඉන්නේ හරිම ආදරෙන්. ඡන්දේ තියපන් මගෙ අම්මා... ආයේ ඔයාලටම දෙනවා බොක්ක ෂුවර්...
ඡන්දයක් තියල බලන්ඩ කො වජිර , මිඉනිසුන්ගෙ රියැක්ශන් කියල.
රනිල් විතරක් නෙමෙ මෙ මෙ යකාවත් එකට තියල නේද ගිය සැරෙත් ගෙදර යෙව්වෙ. එලග චන්දෙන් උඩින්ම ජනදිපති කරන්ඩ ම්න් මෙ බලාගෙන ඉන්නෙ.. චන්දෙ තියන්ඩ දියෝ... ඉවසන්ඩ බෑ මට රනිල් ජනාදිපති කරනකල්.
කොහොමද එවැනි ඡන්ද දායකයෙන් තෝරන්නේ. එවැනි ඡන්ද දායකයෙක් තෝරන්න මොනවා හරි ක්‍රමයක් තියනවද? එහමනම් විව්‍යස්තාව වෙනස් කරන්න වෙනවා. පවතින විව්‍යස්තාවෙන් එවැනි ඡන්ද දායකයෙන්ව පමණක් චන්ද පොළට යවන්න බැහැ. මෝඩකමේ උපරිම.
තක්කඩි කපටි හොරෙක් අපි ඉස්සරහට ඇවිත් බණ කියන කොට මාර තරහක් නේ අම්මපා හිතට එන්නේ.මගේ නම් ඇඟ වෙව්ලනවා තරහට.
වැදි බන
මෙයාගේ දැනීම තමයි රටේම ජාතික දේපළ කිසිම තෙතමනයක් නොමැතිව විකුණා දමන එක වෙන්කරපු දෙයක් කියන්න බලන්න එදා සිට.. කළේම දේශයට ද්‍රෝහිකම්...!