
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 99 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පසුගිය ජූලි මස 31 වැනිදා සිට ඊයේ (5) දක්වා කාලයේදී මෙම පැමිණිලි වාර්තාවූ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
එම පැමිණිලි 99 ම ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙනි.
මේ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 68ක්ද දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 31ක්ද ලැබී ඇත.
මෙම සියලුම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව කොමිෂන් සභාව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd