IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඡන්ද පත්‍රිකාවක් ප්‍රතික්ෂේප කළ අයෙක්ට පහරදුන් සංවිධායක අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි)

සමගි ජන බලවේගය  ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද පත්‍රිකාවක් ප්‍රතික්ෂේප  කළබව කියන පුද්ගලයෙකුට පහර දුන් සමගි ජන බලවේගය ආසන සංවිධායකවරයකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවලපිටිය, බව්වාගම පදිංචි අවුරුදු හතළිස් එකක පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

 සැකකරු නාවලපිටිය දොළොස් භාගයේ ප්‍රදේශයේදී  සමගි ජන බලවේගය    ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ නිරතව සිට ඇත.

එහිදී සැකකරු විසින් මැතිවරණ ඡන්ද පත්‍රිකාවක් පැමිණිලි කරුට ලබා දී ඇති අතර එහිදී පැමිණිලිකරු  එය ප්‍රතික්ෂේප කර ඇති අතර ඊට  උරණ වී සැකකරු පැමිණිලි කරුට පහරදී ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

පහර  කෑමෙන් තුවාල ලැබූ පැමිණිලිකරු නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.



අදහස් (10)

ඡන්ද පත්‍රිකාවක් ප්‍රතික්ෂේප කළ අයෙක්ට පහරදුන් සංවිධායක අත්අඩංගුවට

රම්බොඩ Tuesday, 17 September 2024 10:56 AM

මේ තමයි අන්ධ පාක්ෂිකයන් . හැම පක්ෂයකම මෙවැනි අය ඉන්නවා. තමන්ට ලැබෙන පොඩි වාසි වලට උඩුබුරුලන අය. කිසිදාක රටට සෙතක් වන තීරණයකට එන්නෙ නෑ.

:       1       100

Rupika Tuesday, 17 September 2024 04:25 PM

උඩු බුරනවා කිව්වාම දැක්කේ සජබ සංවිධායකගේ ගමේ නම බව්වාගම නේද? ඉතින් අහන්න දෙයක් නැහැ. ඒත් දැන් කාලයේ බව්වොවත් ඔහොම නැති ගතියක් තියෙනවා.

:       0       1

Gunendra Tuesday, 17 September 2024 11:16 AM

ගමේ නමටම ගැලපෙන සජිත් ගේ කුක්කෙක්.

:       3       95

දෙපා සුනඛTuesday, 17 September 2024 12:08 PM

කකුල් හතරෙ බව්වන්ට දුක හිතෙයි ඇහුනොත්

:       1       40

බකල විජේ Tuesday, 17 September 2024 11:21 AM

සීසීටීවී එකේ පැහැදිලිව පේනව සජිත්ගෙ කැලෑපත්තරේ බෙදන්න පස්දෙනෙකුට වඩා ඉන්නවා. සංවිධායකයම තුන්දෙනෙක් විතර. ඒ අයවත් දාන්න ඕන ඇතුලට. තර්ජනය කරපු අනික් හෙංචයියන්වත් ලොකප් කරන්න ඕන.

:       2       109

ලුම්බිණි Tuesday, 17 September 2024 11:45 AM

කෝ සජිත්ගේ හැමටම එක විදියට සැලකීම.

:       0       31

විශාලාTuesday, 17 September 2024 05:54 PM

සජිත්ගේ පත්‍රිකාව ගන්නැති හැමෝටම ගහනවා. එතකොට හැමටම එක විදිහක් තමයි...!

:       0       19

Nimal Tuesday, 17 September 2024 07:35 PM

සජිත්ට පක්ෂ නාලිකාවක ගිය සාකච්ඡාව බැලුවාම තේරෙනවා එතුමාගේ නොහැකියාව. ගැටළු විසඳන විදිහ ඇහුවාම... වටේ යනවා. බයිලා ගහනවා මිසක් කිසිම තාර්කික දෙයක් කියන්නේ නෑ...

:       0       11

Manjula Bandara Tuesday, 17 September 2024 07:41 PM

අනේ අපොයි කියන්න ඕනෑ නෑ. 21 නිවැරදි දේ කරන්න. මේ වල් බූරු දේශපාලනයට තිත තියන්න වගබලා ගමු.!

:       0       10

Bawwa Wednesday, 18 September 2024 09:28 AM

ඡන්ද පත්‍රිකා නෙමෙයි, ප්‍රචාරක පත්‍රිකා. බව්වාගම බව්වෙක්.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site