
(යොහාන් භාසුර)
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කර ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍ර අධිකරණ තීන්දුවට අනුව නැවත මැතිවරණයට ඇතුළත් කිරීමෙන් තැපැල් සහ නිල ඡන්ද පත්‍රිකා නැව මුද්‍රණය කිරීමට සිදුව ඇති බවත් ඒ හේතුවෙන් අතිරේක මුදලක් වැයකිරීමට සිදුව ඇති බවත් රජයේ මුද්‍රණාලාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පැවසීය.
සියලුම තැපැල් ඡන්ද පත්‍රිකා මීට පෙර මුද්‍රණය කර තිබුණ ද නඩු තීන්දුවලට අදාල සියලුම පළාත් පාලන ආයතනවල තැපැල් ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණ කිරීමට සිදුව ඇති බවත් පළාත් පාලන ආයකන 249 ක නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර තිබුණ ද ඒවායේ ද අධිකරණ තීන්දුවට අදාල පළාත් පාලන ආයතන සැළකිය යුතු සංඛ්‍යාවක් ඇති බවත් පුෂ්පකුමාර මහතා කීය.
එම පළාත් පාලන ආයතනවල ද සියලුම ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණ කිරීමට සිදුව ඇති බවත් ඒ සඳහා දින කීපයක් ගතවනු ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
හරියාකාරව නාමයෝජනා පත්‍ර සැකසීමට නොහැකිව අධිකරණයේ පිහිටෙන් මැතිවරණය සදහා ඉදිරිපත් වෙලා ජයග්‍රහණය නොකොලොත් ඔවුන්ගෙන් අලාභය අයකිරීමට නීතියක් අනාගතයේදී ඇතිකිරීමට කටයුතු කලොත් සිදුවෙන නාස්ති වලක්වන්න පුළුවන් වේවි
අපෝ සල්ලි ඕනෑ තරම් තියෙනවා. සංචිත පැටවු ගහලා...