IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඡන්ද පත්‍රිකා ගහපු සේවකයන්ටත් කෝටි හතරක් ගෙවා නෑ

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා ඇතුළු මුද්‍රණ කටයුතු සඳහා සේවයේ යෙදුණු රජයේ මුද්‍රණාල සේවකයන්ගේ දීමනා වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් කෝටි හතරක මුදලක්ද මහා භාණ්ඩාගාරය මෙතෙක් ගෙවා නැතැයි වාර්තා වේ.

රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මේ සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයෙන් විමසා ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ.

පළාත් පාලන මැතිවරණයට අදාළව මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි වෙනුවෙන් රජයේ මුද්‍රණාලයට මෙතෙක් වැයවී ඇති මුදල රුපියල් කෝටි 15 කට අධිකය.

මේ අතර මූල්‍ය ප්‍රශ්න හේතුවෙන් රජයේ මුද්‍රණාලය පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්පූර්ණයෙන්ම නතර කර ඇත. ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මේ අවස්ථාවේදී මුදල් ලබාදිය නොහැකි බව මහා භාණ්ඩාගාරය පසුගියදා රජයේ මුද්‍රණාලයට ලිඛිතව දැනුම් දුන්නේය.

 



අදහස් (0)

ඡන්ද පත්‍රිකා ගහපු සේවකයන්ටත් කෝටි හතරක් ගෙවා නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site