
(එම්.සුසිල් පියන්ත)
මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.
ඒ මාදූව මාදු ගගෙන් වටවූ දූපතක් නිසා එම දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙන යාමට ගග තරණ කිරීම හැර වෙනත් විකල්පයක් නැති නිසාය.
අප දන්නා කාලයක පටන්ම මාදුවට මෝටර් බෝට්ටුවෙන් ඡන්ද පෙට්ටිය ගෙන යාමට මෝටර් බෝට්ටුව පදවාගෙන ගියේ මාදූවේ රත්නපාල සිල්වා මහතාය.
මෙවර ජනාධිපතිවරණයේදී ද රත්නපාල සිල්වා මහතා බලපිටිය, ගොඩගෙදර තොටුපොළේ සිට මාදූව තොටුපොළ දක්වා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව මැද මෝටර් බෝට්ටුවෙන් ඡන්ද පෙට්ටිය රැගෙන ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd