IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඡන්ද පෙට්ටි ’’පොලිෂ්’’ කරයි



 

(සුජිත් හේවාජුලිගේ)

ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි සූදානම් කරන ලෙස නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක  මහතා පැවසීය.

ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත  හෙයින් ඡන්ද පෙට්ටි  මෙසේ  සූදානම් කරන බවද ඔහු කීවේය.
ඡන්ද පොළ පිළිබඳ විස්තර ලබා ගත් වහා ඡන්ද පෙට්ටිවල යම් අඩුපාඩු තිබේ නම්  ඒවාද නොපමාව  නිවැරදි කිරීමට කොමිෂන් සභාව බලාපොරොත්තු වෙයි.
ඡන්ද සඳහා භාවිතා කෙරුණු අබලන්වූ ඡන්ද පෙට්ටි රැසක් පවතින බවත් ඒවා රජයේ කර්මාන්තශාලාවට යවා පිළිසකර කිරීමට පියවර ගන්නා බවත් කොමිසම පවසයි.
මේ අතර මැතිවරණය ඉලක්ක කර නිලධාරී සංගණනයක්ද ළඟදීම පැවැත්වීමට කටයුතු කරන බව පැවසූ රත්නායක මහතා දේශීය මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමගද ලබන සතියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය. මූලිකව දේශපාලන පක්ෂවල මැතිවරණ වියදම් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයිද  ඔහු පැවසුවේය.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම  සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර දිනයක  පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළේය.



අදහස් (1)

ඡන්ද පෙට්ටි ’’පොලිෂ්’’ කරයි

Kazi Shajahan Monday, 17 June 2024 11:11 AM

ගිය සැරේ වගේ මාධ්‍ය සංදර්ශනයක් ද මේකත් අපි නොදන්න කොමිසම රනිල් ඕනම දෙයක් කිව්වොත් ඔව් සර් , ඕකේ සර් චාර්ල්ස් නොනා අපිට කෙලියා නේ ගිය ඡන්දේ දී

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site