(සුජිත් හේවාජුලිගේ )
කැඩී බිඳී ගොස් තිබූ දැවමය ඡන්ද පෙට්ටි දහසකට වැඩි ප්‍රමාණයක් අලුත්වැඩියාව සඳහා රජයේ කර්මාන්ත ශාලාවට පසුගියදා බාර දුන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පළාත් පාලන මැතිවරණය ඉතා ඉක්මනින්ම පැවැත්වීමට සැලසුම් කර ඇති හෙයින් ඡන්ද පෙට්ටි සියල්ල කල් තියා සූදානම් කර තැබීමට කොමිසම පසුගියදා තීරණය කළේය.
අලුත් වැඩියාවට දුන් ඡන්ද පෙට්ටි කොටසක් එම කටයුතු නිම කිරීමෙන් පසු නැවතත් බාරදී ඇතැයි කොමිසමේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.
සමහර ඡන්ද පෙට්ටි දැඩි ලෙස අබලන්ව පැවතුණ අතර පෙට්ටි බොහොමයක පවතින්නේ ඒවායේ අගුල්වල (ලොක්) ගැටළු බවද එම නිලධාරියා ප්‍රකාශ කළේය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි ප්‍රමාණයක් අලුත්වැඩියාව සඳහා රජයේ කර්මාන්ත ශාලාවට පසුගිය සතියේ බාරදුන් බව කොමිෂන් සභා ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ අතර ඡන්දයේදී ඡන්දදායකයන්ගේ ඇගිලි පාට කිරීම සඳහා යොදා ගන්නා තීන්ත සහ අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා ආරම්භවී ඇති බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඡන්ද පෙට්ටි දාහක් ’’රෙපයාර්’’ කරයි
Perera Saturday, 24 December 2022 12:56 PM
ඕවායේ ඇතුලේ හොරකුටි හදලා හොර ඡන්ද පුරවන්න වෙන්න ඇති..
osharap Saturday, 24 December 2022 04:33 PM
ලෝකෙ කිසිම රටක ලී ඡන්ද පෙට්ටි භවිතා කරන්නේ නැහැ. 1. බර වැඩි, 2. වියදම වැඩි, 3. ලී ගන්න අවශ්‍ය ගස් කැපීමට සිදුවීම, 4. අලුත් වැඩියාවට නැවත යන වියදම්, ඔක්කෝටම වඩා හිස් ඡන්ද පෙට්ටිය ඇතුල නොපෙනීම නිසා හොර ඡන්ද සමග පෙට්ටි ගෙන ඒමට පහසු වීම. මේවා මේ හිතාමතා කරන වැඩ...
fairoos Sunday, 25 December 2022 12:36 PM
මේ ආණඩුවනම් ලඟදීම ඡන්දයක් කොහොමටත් තියන්නේ නැහැ.