(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණය නැවැත්වීමට කැබිනට් මණ්ඩලය කිසිදු තීරණයක් ගෙන නැතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (17)පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
කවුරුන් හෝ එවැනි දෙයක් පැවසුවේ නම් එය අසත්‍යක් බවද ඔහු සඳහන් කළේය.
මේ එහිදී ඇති වූ සංවාදයයි.
ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා:
මැතිවරණය අත්හිටුවීමට සඳහා කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තද?
රාජ්‍ය පරිපාලන ලේකම් නිකුත් කළ ලිපිය මුළුමනින්ම ව්‍යවස්ථානුකූල විරෝධීයි. රාජ්‍ය පරිපාලන ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝගයක් ලබා දෙනවා මැතිවරණ ක්‍රියාවලිය අත්හිටුවීමට සහ ඇප මුදල් බාරගැනීම නොකිරීමට. මැතිවරණය අත්හිටුවීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට සහ රාජ්‍ය පරිපාලන ලේකම් වරයාට නියෝග නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තාද.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඡන්දෙ නවත්වන්න කැබිනට් එක තීරණයක් ගත්තෙ නෑ
Hafeel Tuesday, 17 January 2023 01:31 PM
එහම නම්, ආයි ඇප මුදල් බාර නොගන්නැයි කියල කැබිනට් මන්ධලයතුල තීන්දුවක් ගත්තේ? නොමිලේ නාම යෝජනා බාරගන්න කියලද?
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 17 January 2023 01:41 PM
එසේනම්,ඉහත ලේකම්වරයා ව්‍යවස්ථා විරෝධී ලිපියක් නිකුත් කිරීම ගැන රජය ඔහුට විරුද්ධව කිසියම් පියවරක් ගත යුතුයි නේද ? එසේ නොකළේ ඇයි ? එසේ නොකළේ මෙය රජයේ තීරණයක් නිසා බව ඕනෑම කෙනෙකුට සිතිය හැකියි නේද ?